ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවස නිර්මාණය කරනු ලැබ ඇතැයි සැලකෙන නුවර යුගයට අයත් අඩි 03කුත් අඟලක් උස පස්ලෝ බුද්ධ ප්‍රතිමාවක් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලකට විදේශිකයෙකුට අලෙවි කිරීමට උත්සාහ කළ දෙල්ගමුව ප්‍රදේශයේ යකදුරෙක් වළාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම යකදුරාගෙන් වැඩිදුර කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම ප්‍රතිමාව ඔහුට ලැබී ඇත්තේ අලෙවිකර දෙන පදනම මත නුවර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් බවය. මෙම තැනැත්තා වසර කීපයක් ප්‍රතිමාව තමන් සන්තකයේ තබාගෙන හිඳ ඇත
ප‍්‍රතිමාවේ පෞරාණිකත්වය සත්‍යාපාන කරගැනීම සඳහා අධිකරණ නියෝග මත පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ විද්‍යාත්මක වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර ඇති බව විමර්ශන අංශ පවසයි.
මෙම වැටලීම මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය වැඩිදුර විමර්ශන සිදුකරයි.