ශ්‍රියානි විජේසිංහ –
ග්‍රාම නිලධාරින්ගේ ගැටලු විසදීමට එළඹෙන සතිය තුළදී ජනාධිපතිවරයාගේ මැදිහත්විම්ක් සිදු නොවුණහොත් දැනට ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය තවත් දැඩි කරන බවත් එමගින් සමස්ත රාජ්‍ය පරිපාලන ව්‍යුහයම ඇනහිටිනු ඇති බවත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය අනතුරු අඟවයි.
ග්‍රාම නිලධාරීන්ගේ ඉල්ලීම් ඇතුළත් යොජනාවලියක් ස්වදේශ කටයුතු ලේකම්වයාට බාර දී ඇති නමුත් එම වාර්ත වෙනුවට වෙනත් වාර්තාවක් සකස් කර ලේකම්වරයා රාජ්‍ය සේවා කොමිෂමට බාරදී ඇති බව පෙන්වා දෙන ශ්‍රි ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න එම යෝජනාවලිය කිසිම ග්‍රාම නිලධාරීවරයෙක් පිලි නොගන්නා බවද අවධාරනයෙන් පවසයි.
වෘත්තීය ක්‍රියාමාර්ගයකට අනුව ග්‍රාම නිලධාරීවරුන් අකුරට වැඩ කළද ජනතාව ගැන සිතා රටතුළ සිදුව තිබෙන ආපදා තත්ත්වය සලකා බලා ස්වාභාවික මරණ සහ ආපදා කටයුතු තවදුරටත් සිදුකරන නමුත් රජය ක්‍රියාත්මක කරන අස්වැසුම, උරුමය වැනි රජයේ සියලුම සුභසාධක වැඩසටහනකට සම්බන්ධ වන්නේ නැති බව ද ජාතික සංවිධායකවරයා කියයි.