අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව ඇල්ලූ ශ්‍රි ලාංකික අයි එස් තරුණයන් පුනරුත්ථාපන ලයිස්තුවේ සිටි අය ! – ආචාර්ය පුන්සර අමරසිංහ…

by editor
මැයි 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය ඉරිදා ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගැනුණු අයි.ඒස් අන්තවාදී කල්ලි සාමාජික ලාංකික තරුණයන් සිව් දෙනාම පුනරුත්ථාපනය කළ යුතු බවට 2019 වසරේ සිට නම් ගම් සහිත ව හඳුනගෙන තිබූ බව ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ අනාවරණය කරයි.

ආචාර්ය පුන්සර අමරසිංහ

මෙම තරුණයන් රැඩිකල්කරණය වී ඇති බව 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය සඳහා පත් කරන ලද විනිසුරු ජනක් ද සිල්වා පුම්‍රඛ ජනාධිපති විමර්ශන කොමිසම විසින් කරන ලද විමර්ශනවලදී හඳුනා ගත් බවත් මෙම සිව් දෙනා අතුළු තරුණයන් හාරසියක් පමණ පුනරුත්ථාපනය කළ යුතු බවට එම වාර්තාව මඟින් නිර්දේශ කර ඇති බවත් පුන්සර අමරසිංහ මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී පුන්සර අමරසිංහ ප්‍රකාශ කළේ එම කොමිසම විසින් හදුනා ගත් තොරතුරු මත ලබා දුන් නිර්දේශ රට තුළ නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවය.

“ ඉස්ලාම් අන්තවාදය සඳහා බලපෑමක් ඇති කරන සංවිධාන ගණනාවක් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මගින් තහනම් කළ යුතු බවට නිර්දේශ කළා. මෙම සංවිධානවලට අමතරව මද්‍රසා නැමැති ඉස්ලාමීය පාසල්වල පෙළපොත්වලින් අන්තවාදය පෝෂණය කරවන බවට සදහන් වුණු නිසා ඒවා තහනම් නිරීමටත් නිර්දේශ වුණා. නමුත් 2023 වනවිට රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම ඇතුලු ක්‍රියාකාරීත්වයන් හේතුවෙන් එම පියවර ආපස්සට ගැනුණා. නමුත් මෙම රැඩිකල්කරණය වුණු තරුණයක් පුනරුතථාපනය කිරීමේ වැඩපිළිවෙලේ අවහ්‍යතාව මෙම සිදුවීමෙන් පේනවා“ යයි ද පුන්සර අමරසිංහ සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී ඔහු අයි.එස් ජාලයේ ඉන්දීය ක්‍රියාකාරකම් ආශ්‍රිත තත්වයද මෙසෙ පැහැදිලි කළේය.

“ ඉන්දියාව අයි.එස් ත්‍රස්ත සංවධානවල ක්‍රියාකාරීත්වය ගැන විශේෂ උනන්දුවකින් ක්‍රියාකරනවා. එහි බුද්ධි අංශ ඉතා සංවිධානාත්මකව මෙම තොරතුරු ලබා ගන්නවා. 2016 අවුරුද්දේ ශ්‍රි ලංකාවේ ගලේවෙල තරුණයෙක් සහ ඔහුගේ පවුලේ අය සිරියාවට ගිහින් අයි.එස් සංවිධානයට බැඳුණා කියල තොරතුරු එළි වුණාට පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කර බුද්ධි තොරතුරු ජාලයක් ගොඩ නගා ගන්නවා. ඒ අනුව 2018 දී අදීල් එක්ස් නැමැති තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවකු අන්තර්ජාලය පාවිච්චි කරල ශ්‍රි ලංකාවේ තරුණයන් රැඩිකල්කරණය කිරීමේ ක්‍රියාවලියක දැඩිව නිරතව සිටින බවට ඉන්දීය බුද්ධි අංශ තොරතුරු ලබා දෙනවා. නමුත් මෙම පුද්ගලයා අත්අඩංලුවට ගන්නේ 2019 දී. එයින් අපේ රටේ මේ සම්බන්දයෙන් ක්‍රියාත්මක වන ආකාරය පේනවා. ”

ඉන්දියාව සිය බුද්ධි ජාලය ප්‍රාන්ත මට්ටමින් දියත් කර සිය ජාලය පුළුල් සහ ශක්තිමත් කරගෙන තිබෙනවා. ඔවුන් පසුගිය සතියේත් කටයුතු කළේ ඉතාම නිවැරදිව. ඔවුන්ගේ රටේ මෑත කාලීනව මහා පරිමාණ අන්තවාදී ප්‍රහාරයක් එල්ල කරන්න ඔවුන්ට බැරිවුණේ මේ නිසයි. ශ්‍රි ලංකාවෙ අයි.එස් ජාලය කේරළයේ සහ තමිල්නාඩුවේ වහාබ්වාදී සංවිධාන සමග සවිමත් ජාලයක් තිබෙනවා. මේ නිසා ඉන්දීය බුද්ධි අංශ දෙන තොරතුරු ඉතා වැදගත්.“ යයිද පැවසීය.

කෙසේ වුවද පුන්සර අමරසිංහ තවදුරටත් අවධාරණය කළේ දැන් ශ්‍රි ලංකාව මෙම සැකකරුවන් ශ්‍රි ලංකාවට ගෙනවිත් අදාළ නෛතික කටයුතු ශක්තිමත්ව සිදු කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රසන්න රණවීර සහ ලොහාන් රත්වත්ත මරාගන්න ගිහින්!

Next Post

හිත ඉල්ලන තරුත් එක්ක “සිංහබාහු” අලුත් කරන්න ගිහින් සෝමරත්න සිංහයා මරපු හැටි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.