කීර්ති ප්‍රනාන්දු –
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ .
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බවද එම නිවේදනය මගින් දන්වා සිටී .
ඒ අනුව හෙට( 29 )දින පස්වරු 11 වන තෙක් වලංගු වන පරිදි නිකුත් කර ඇති එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණ පළාත් සහ මහනුවර ,නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .
ඊට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශ වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර් 75 ට වැසි ඇති විය හැකි බවටද එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වේ .