බොරතෙල් කොල්ලකෑම් සම්බන්ධයෙන් සිරගත කරන ලද නෝර්වේජියානු නෞකාවක් වන MT Heroic Idun හි ශ්‍රී ලාංකිකයන් ද සහිත නාවිකයින් කණ්ඩායම නයිජීරියානු අධිකරණය විසින් අද (29) නිදොස් කොට නිදහස් කර ඇති බව Manorama News වාර්තා කරයි.
මෙම යාත්‍රාවේ ඉන්දියානුවන් 16 දෙනෙකු ඇතුළු නාවිකයින් 26 දෙනෙකු සිට ඇත. අනෙක් නාවිකයින් ශ්‍රී ලංකාව, පෝලන්තය සහ පිලිපීනය යන රටවලින් පැමිණි අය වූහ.
මෙම නාවිකයන් කණ්ඩායම සහිත නෞකාව බොරතෙල් කොල්ලකෑම්වලට සම්බන්ධ බවට සැකකර බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ගිනියාවේ නාවික හමුදා සාමාජිකයන් විසින් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
නැවියන් 2022 නොවැම්බර් මාසයේදී ඔවුන්ගේ පවුල් වෙත ඔවුන්ගේ අවසන් පණිවිඩ එවා තිබිණි. එතැන් සිට මේ කණ්ඩායම ගැන තොරතුරක් නොවීය.
නයිජීරියාවේ නියමය පරිදි ගිනියානු නාවික හමුදාව විසින් නැවියන් රඳවාගෙන සිටියේය.
නෝර්වේහි OSM මැරිටයිම් සමූහයට අයත් නෞකාව, බොරතෙල් පිරවීම සඳහා නයිජීරියාවේ AKPO පර්යන්තය වෙත ළඟා වී තිබුණේ අගෝස්තු 8 වැනිදාය.
නැව නයිජීරියාවේ ජාත්‍යන්තර සමුද්‍ර සීමාවේ නැංගුරම් ලා ඇත්තේ තාක්ෂණික ගැටලු හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදුවන බවට ඔවුන්ට දැනුම් දීමෙන් පසුවය.