නව කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු යෞවන කටයුතු හා ක්‍රීඩා ඇමතිකමට අමතරව නාමල් රාජපක්ෂ නව කැබිනට් ඇමතිකමක් ලැබී තිබේ.
ඔහු අද සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ වැඩ භාරගත්තේය.
සෞඛ්‍ය අමාත්‍යකම පවිත්‍රා වන්නිආරච්චිගෙන් ඉවත් කර කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලබා දී ඇත. පවිත්‍රා වන්නිආරච්චි ප්‍රවාහන ඇමතිවරයා ලෙස පත් කර ඇත.
ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම පත් කර තිබේ. ගාමිණී ලොකුගේ විදුලිබල ඇමතිවරයා ලෙස පත් කර ඇත.
නව විදේශ කටයුතු ඇමතිරයා මහාචාර්ය ජී.එල්. පීරිස්ය. දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.