නුවර මහයියාවේ පිහිටි වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් තුන් දෙනෙක් වැඩිහිටි නිවාසය තුළම කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත.
එම මරණවලින් පසු කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් තවත් වැඩිහිටියන් 47 දෙනෙක් කොවිඩ් ආසාදිතවූ බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග හෙළි කරයි.
මිය ගිය වැඩිහිටියන් දෙදෙනෙකුගේ මළ සිරුරු මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මහනුවර රෝහල වෙත රැගෙනවිත් තිබේ.
තවත් මළ සිරුරක් වැඩිහිටි නිවාසය තුළම ඇත.