කීර්ති ප්‍රනාන්දු –
නැවත වරක් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (18) නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් අලෙවි කටයුතු කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
ආණ්ඩුවට ඒකාකාරීව ඉදිරියට යන්න බැහැ. යම් යම් වගකීම් බෙදා ගත යුතුයි. කාලයක් සමග හොඳ අදහස්වලට අවස්ථාව දිය යුතුයි.
ඉදිරියේ දී තවත් අමාත්‍යාංශ කීපයක් වෙනස් වේවි. ඒ ඒ අමාත්‍යවරුන් අමාත්‍යාශය වෙනස් කරගැනීමක් පමණයි සිදුවෙන්නෙ. අපේ ආණ්ඩුව ඉතිමත් ශක්තිමත්ව ඉදිරියට යන්න එම වෙනස්කම් ශක්තිමත් පියවරක් ලෙස හඳුන්වන්න පුලුවන්. යැයි ද රාජ්‍ය ඇමතිවරයා කීවේය.