ලලිත් චාමින්ද –
දකුණු පළාත් සෞඛ්‍යසේවා දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා අතිකාල දිමනා වශයෙන් රුපියල් මිලියන 1662ක මුදලක් මෙම වර්ෂයේ මුල් මාස හය තුළ ගෙවා ඇති බැව් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) සුනිල් පොද්දිවෙල පවසයි.
සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා අතිකාල දීමනා ගෙවිම සඳහා මසකට රුපියල් මිලියන 277ක මුදලක් වැයවන බවත් මෙම වර්ෂය සඳහා වෙන්කොට ඇති අතිකාල දීමනා මුදලින් ඉදිරි මාස හය සඳහා අතිකාල දීමනා ගෙවීමට ඉතිරිව ඇත්තේ තවත් රුපියල් මිලියන 1143ක මුදලක් බවත් සුනිල් පොද්දිවෙල කියයි.
ඉදිරිමාස හය සඳහාම අතිකාලදිමනා ගෙවිම සඳහා එම මුදල ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා තවත් රුපියල් මිලියන 519ක මුදලක් සොයාගත යුතු බවත් හෙතෙම පවසයි.
දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබද පැවති සාකාච්ඡාවකදි අතිරේක ප්රතිපාදනයක් ලෙස රුපියල් මිලියන 519ක මුදල මුදල් කොමිසමෙන් ලබාදෙන ලෙස ඉල්ලිමක් කරන ලෙස උපදෙස් දුන් බවද සුනිල් පෝද්දිවෙල කියයි.
අතිකාල දිමනා ගෙවිම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේ දී සියයට 97ම වෙන්කොට ඇත්තේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට බවත් පළාත් සභාවේ අනිකුත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු සඳහා වෙන්වන්නේ ඉතිරි සියයට 3 බවත් සුනිල් පොද්දිවෙල පෙන්වාදෙයි.