දිනසේන රතුගමගේ –
නෝර්වේ රාජ්‍යයේදී මෝටර් රථයක් තුළ පිළිස්සී මියගොස් සිටි යාපනයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයා පිළිබඳව නෝර්වේ පොලිසිය ඊයේ (8) තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
සිද්ධිය වූ ස්ථනයට ගිය නෝර්වේ පොලිස් නිලධාරීන් පිරිසක් මියගිය පුද්ගලයාගේ මළ සිරුරේ කොටස් පරීක්ෂාවට ලක් කිරීමේදී බාගෙට පිලිසී ගිය හැදුණුම් පතක් හමුවී තිබේ.
එහි සඳහන් තොරතුරු වලට අනුව මියගොස් අත්තේ යාපනයේ පදිංචි දෙදරු පියෙකු වන අරසරත්නම් දුෂ්‍යන්තන් බවට හඳුනා ගෙන ඇත.
මියගිය පුද්ගලයා මීට වසර 6 කට ඉහතදී රැකියාවක් සදහා නෝර්වේ රාජ්‍යයට ගොස් ඇති අතර බිරිඳ සහ දරුවන් දෙදෙනාද යාපනයෙන් එරටට රැගෙන ගොස් එහි ජීවත් වෙමින් සිටියදී මෙම ඛේදවාචකයට මුහුණ දී තිබේ.
මෙම මරණය සියදිවි හානි කර ගැනීමක්ද එසේ නොමැති නම් ඝාතනයක්ද යන්න පිළිබඳව තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර නෝර්වේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.