බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රංශය ඔලිම්පික් පන්දම මහත් හරසරින් පිළිගනී !

by lankasara-editor
මැයි 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

මේ වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ඔලිම්පික් පන්දම දැඩි ආරක්‍ෂාවක් මධ්‍යයේ ග්‍රීසියේ සිට ප්‍රංශයේ පැරණි වරාය නගරයක් වන මර්සෙයිල් වෙත ඊයේ (8) ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පසුගිය අප්‍රේල් 16 වන දා ග්‍රීසියේ ඉපැරණි ඔලිම්පියා නගරයෙහි දැල්වූ ඔලිම්පික් පන්දම, අප්‍රේල් 27 වන දා බෙලෙම් නම් වසර 120 ක් පැරණි කුඹ ගස් තුනක් සහිත එෛතිහාසික වටිනාකමින් යුත් නෞකාව මගින් ග්‍රීසියේ පිරේස් නගරයෙන් පිටත් ව දින 12 කට ආසන්න ගමනකින් පසු මෙලෙස මර්සෙයිල් වරාය නගරය වෙත ළඟා වී තිබෙනවා.

මේ සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල්  මැක්‍රොන් ගේ ප්‍රධානත්වයෙන් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඊට 150,000 ක පමණ ජනතාවක් සහභාගිවී ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

සිවුවරක් ඔලිම්පික් පදක්කම්ලාභී, ප්‍රංශ නිදහස් ආර පිහිනුම් ක්‍රීඩක ෆ්ලොරන්ට් මනවුඩෝ විසින් ඊයේ සවස ඔලිම්පික් ගිනිදැල් සහිත පන්දම නෞකාවේ සිට ගොඩබිම වෙතට ගෙන එනු ලැබූ අතර ඉන්පසු ඔහු විසින් ඔලිම්පික් පන්දම පැරාලිම්පික් ක්‍රීඩිකා නැන්ටනින් කීටා වෙත ලබා දී තිබෙනවා. ඇය විසින් එය මර්සෙයිල් නගරයේ උපත ලබා සංගීත ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම ප්‍රංශයේ රැප් ගායනය තුළින් ඉහළම ස්ථානයේ වැජඹෙන ප්‍රකට රැප් ගායක ජූල් වෙත ලබා දී තිබෙනවා. ඉන්පසු ඔහු රැස්ව සිටි විශාල ජනකාය ඉදිරියේ මර්සෙයිල් නගරයේ පැරණි වරායේ ඔලිම්පික් කැල්ඩ්‍රනය දැල්වීම සිදුකර තිබෙනවා.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

රැප් ගායක ජූල් විසින් ඔලිම්පික් කැල්ඩ්‍රනය දල්වන අයුරු

මෙම අවස්ථාව වෙනුවෙන් ප්‍රංශ රජය දැඩි ආරක්ෂාවක් යොදා තිබූ අතර ස්නයිපර්වරුන්, සුනඛ ඒකක ඇතුළුව 6,000 කට අධික නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් යොදවා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

උළෙලේ ප්‍රධාන සංවිධායක වන ටෝනි එස්ටන්ගුවෙට් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අවස්ථාව බොහෝ කාලයක සිට බලා සිටි අවස්ථාවක් බව පවසා තිබෙනවා. ප්‍රංශයට ඔලිම්පික් උළෙලක් පැමිණෙන්නේ වසර සියයකට පසුව වීම විශේෂත්වයක්.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ මේ වසරේ ජූලි 26 වන දා සිට අගෝස්තු 11 වන දා දක්වායි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියාවට කුලී හේවායන් යැවීම ගැන විශ්‍රාමික හමුදා ප්‍රධානියෙකු අත්අඩංගුවට !

Next Post

නෝර්වේ රාජ්‍යයේ මෝටර් රථයක් තුළ ශ්‍රී ලාංකිකයෙකු පිළිස්සී මියයයි !

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.