ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු පහක් වසර ගණනාවක් පුරා පුරප්පාඩුව පැවතිම හේතුවෙන් අමාත්‍යංශයේ බොහෝ කටයුතු නිසි පරිදි සිදුකිරීමට ගැටලුවක් වී ඇතැයි අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රසායනාගාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා 2, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දන්ත සේවා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අධ්‍යාපන පර්යේෂ පුහුණු, නියේජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සැපයුම් (වැඩබලන) තනතුරු පහ සඳහා ස්ථීර පත්වීම නොමැති වීමෙන් අදාල ක්ෂේත්‍රයන්ගේ කටයුතු කිරීමේදී තීන්දු තීරණයන් ගැනීමට ගැටලු මතු වන බවද, මේ හේතුවෙන් අදාල සේවාවන් අඩාල වීම හෝ කාර්යක්ෂම කිීරීමට නොහැකි වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ක්ෂේත්‍රය පිලිබඳව මනා පුහුණුවක් හා දැනුමක් ඇති ලේකම්වරයෙක් සෞඛ්‍ය අමාත්‍යංශයට පත්ව ඇති මොහොතකදී හෝ ඔහුට සහය ලබා දීමට වැඩබලන නියෝජඨ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට දුෂ්කරතාවන් පැන නගින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි .