ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඖෂධ අනුමත කිරීම් සම්බන්ධව සිදු කරන ලද අක්‍රමිකතා සම්බන්ධයෙන් ලද තොරතුරු මත ඔහු මෙසේ අද පෙරවරු 9 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
පැය 10 කට ආසන්න කාලයක ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.
ඔහු සම්බන්ධව පැවති චෝදනා හේතුවෙන් පසුගිය කාලය පුරාවටම ඔහුට චෝදනා එල්ල වූ අතර පසුගිය වසරේ නොවැම්බර් 8 වන දා ඔහු එම ධුරයෙන් ද ඉවත් කිරීමට කටයුතු කෙරිණි. මීට අමතරව ඖෂධ සැපයුම් ජාලයට සම්බන්ධ ද්‍රවිඩ ව්‍යාපාරිකයෙකුගෙන් ද මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.