දිනසේන රතුගමගේ –
යාපනයේදී මාර්ග අනතුරක් හේතුවෙන් තරුණයෙකු මියයාමත් සමගම මියගිය තරුණයාගේ මිතුරන් විසිපස් දෙනෙකු පමණ යාපනය ශික්ෂණ රෝහල තුළට කඩා වැදී රෝහලේ භාණ්ඩ වලට දැඩි ලෙස හානි සිදු කොට ඊයේ (7) පලා ගොස් තිබේ.
වියරුවෙන් පැමිණි මිතුරන් කෑ කෝ ගසමින් ප්‍රකාශ කොට ඇත්තේ යාපනය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ වරදින් තම මිතුරා මියගිය බවයි.
කෙසේ වෙතත් තරුණයින් පහර දීම නිසා රුපියල් ලක්ෂ තුනක පමණ අලාභයක් යාපනය ශික්ෂණ රෝහලට සිදුව ඇති අතර පහරකෑමට ලක්වූ රෝහල් සේවකයින් දෙදෙනෙකු ද තුවාල ලබා ඇත.
මේ සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය යාපනය පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව ප්‍රහාරයට පැමිණි තරුණයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.