රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරයක් සඳහා නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ට අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
බ්‍රිතානය පුරවැසි භාවයක් ඇති බැවින් ඇයට ව්‍යවස්ථානුකූලව මන්ත්‍රි ධුරයක් දැරිය නොහැකි බව ට සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
කුමුදුනි වික්‍රමසිංහ, ගාමිණි අමරසේකර, ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්හ.