ඒකාබද්ධ ගුවන් හා නාවික හමුදා ඇතුලුව රුසියාව හා චීනය අතර වර්ධනය වන හමුදා සහයෝගීතාවය හේතුවෙන් රුසියාව හා චීනය, සිය රටට තර්ජනයක් වන ප්‍රධාන රටවල් බව ජපානයේ ආරක්ෂක අමාත්‍යංශය සිය වාර්ෂික වාර්තාවෙන් පවසා තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර ප්‍රජාව වර්තමානයේ විශාලතම අභියෝගයන්ට මුහුණ පාමින් සිටින බව ජපානයේ ආරක්ෂක අමාත්‍යංශය මෙම වාර්ෂික වාර්තාව නිකුත් කරමින් පවසා ඇත.
“අපි 21 වැනි සියවසේදී අපි අලුත් අර්බුදකාරී කාලයකට ඇතුල් වෙමින් ඉන්නේ.. යුක්රේනයට එරෙහිව රුසියාව ගෙන යන ප්‍රචණ්ඩකාරී වැඩපිළිවෙල ලෝකයම කම්පනයට පත් කරලා. ගණන් කරන්න බැරි තරම් සිවිල් වැසියන්ගේ ජීවිත අහිමි වෙලා.. ඒ අතරේ චීනය ආක්රමණික ජාතියක් වෙන රුසියාව හා ඇති සබඳතාවය පසුගිය වසරවල වඩාත් ගැඹුරු තත්ත්වයකට පත් කරගෙන තියෙනවා. ඔවුන්ගේ නාවික හා ගුවන් සබඳතා එකට සම්බන්ධ කර ඇති අතර නාවික යාත්‍රා සේම ගුවන් යානා ජපානය අවට සැරිසරනවා..” ආදී වශයෙන් මෙම වාර්තාවේ සටහන්ව තිබේ.