මහජන ආරක්ෂාව පළිබඳ ඇමැති ටිරාන් අලස් සිය ඇමත් ධූරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු මහජන ආරක්‍ෂක ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවටත් ඇමැතිවරයා එම ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවටත් නීතිඥ සංගමය සිදුකර ඇති යෝජනා සම්මතයට ඒ බරින්ම පිළිතුරු දීමට අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් සුදානමක් ඇතැයි වාර්තා වේ.
ටිරාන් අලස් ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් නීතිඥ සංගමයේ මෙම යෝජනා සම්මතය ගැන විමසනවිට ප්‍රකාශ කර තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ඇතැම් ජ්‍යෙෂ්ඨ නීතිඥයින් අතර පසුගිය මාස කිහිපය පුරා බරපතල මත ගැටුමක් නිර්මාණය වෙමින් පැවති බවය.
බොහෝ ප්‍රසිද්ධ නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පසුගිය වසරේ දෙසැම්බර් 18 දා මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් සිදු කරනු ලැබූ ප්‍රකාශය ඊට මුලික හේතුව වූ බවත් ඔහු කීවේය.
එම නිලධාරියා කීවේ යුක්තිය මෙහෙයුමට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භකරන බවය.
කුමන තර්ජන පැමිණයත් ටිරාන් අලස් ඇමතිවරයා පාතාලය තුරන් කිරීම සඳහා සපථ කර ඇතැයි ද ඔහු කීවේය.
අද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු හිමිවරු මාධ්‍ය සාකච්ඡාවක් තබා ටිරාන් අලස්ගේ කටයුතුවලට බාධා නොකරන ලෙස ද නීතිඥ සංගමයට අනතුරු ඇඟවුයේය.