වැලිගම ප්‍රදේශයේ පෞද්ගලික කාන්තා විද්‍යාලයක නේවාසිකාගාරය තුළ ගින්නක් හටගෙන තිබේ.
ඊයේ (30) පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබිණි. ගිනිගෙන ඇති නේවාසිකාගාරයේ දර්ශන පහත දැක්වේ.
මෙම ගින්න හටගෙන ඇත්තේ එම විද්‍යාලයේ නේවාසිකාගාය පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලේ තුන්වන මහලේය.
මාතර ගිනි නිවීමේ ඒකකය, වැලිගම පොලිසිය සහ ප්‍රදේශවාසී ජනතාව මෙම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ ද ගින්නෙන් විශාල හානියක් ගොඩනැගිල්ලට සිදු වී තිබිණි.
කෙසේ වෙතත් සිද්ධියෙන් ජීවිත හානි වාර්තා වන්නේ නැත.
පසුගිය මාර්තු මස 03 වනදා ද මෙම පෞද්ගලික කාන්තා විද්‍යාලයේ ගින්නක් හටගෙන තිබිණි. සිද්ධිය පිළිබඳ වැලිගම පොලිසිය විශේෂ විමර්ශනයක් කරයි.