නිශානි අත්තනායක –
-
චන්ද්‍රගවේෂණ ඉතිහාසයේ මුල් වරට සඳේ අඳුරු පැත්තේ පස් සාම්පල ගෙන එන්නට යයි!
චීනය සිය ඉතිහාසගත Chang’e-6 චන්ද්‍ර මෙහෙයුම දියත් කිරීමට දැන් සුදානම් ය. Chang’e-6 චන්ද්‍රයාගේ ඈත පැත්තෙන් මුල්වරට පස් සාම්පල රැගෙන ආපසු පැමිණිමට නියමිතය. මෙම Chang’e-6 මෙහෙයුම ට දින 53ක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ
මේ ගමන යන Chang’e 6 චන්ද්‍ර ගවේෂණ යානය සහ එය අභ්‍යවකාශයට රැගෙන යන Long March-5 Y8 වාහක රොකට්ටුව 2024 අප්‍රේල් 27 වන දින චීනයේ හයිනාන් පළාතේ වෙන්චැං අභ්‍යවකාශ දියත් කිරීමේ ස්ථානයේ පීඨීකාව මත පිහිටුවන්නට කටයුතු කර තිබුණි.
ඉතා නුදුරේදීම චීන කාර්ය මණ්ඩලයක් සඳමත මුල්වරට ගොඩබෑමට සහ චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවයේ ජනාවාසයක් ඇරැඹිම සඳහා අවශ්‍ය මූලික තාක්‍ෂණය පරික්ෂාවන්ට මග පාදන මෙහෙයුම් තුනෙන් පළමුවැන්න ලෙස මෙය පිටත්ව යනු ඇත.
මේ අදියරේ දෙවැනි සහ තෙවැනි Chang’e-7 සහ 8 මෙහෙයුම් පිළිවෙලින් 2026 සහ 2028 වන විට පිටත් කිරිමට නියමිතය. ඒ ගගමන් මගින් සඳ අඳුරු පැත්තේ ජලය මතුකර ගනිමින් රුසියාව සමග සඳතොටුපළක් තනන චීනය 2030 වන විට සිය චන්ද්‍රගාමීන් සඳ මතට යැවීම ට අරමුණ කර ඇත.
.අමෙරිකාවේ නාසා ආයතනය මේ චින සඳ ගමන් දෙස බලන්නේ සඳේ ජලයටත් චීනය අයිතිවාසිකම් කියාවීය යන සැකයෙනි. චීනය කියා ඇත්තේ සිය මෙහයෙුම් මගින් මතු කර ගන්නා දැනුම සහ සම්පත් සියලු ජාතීන් සමග බෙදා ගන්නා බවය.
2007 වසරේ යැවු චීන මිථ්‍යා චන්ද්‍ර දෙවඟනගේ Chang’e නමින් නම් කරන ලද පළමු මෙහෙයුමේ සිට, මේ වනවිට චීනය සිය චන්ද්‍ර ගවේෂණයේ ඉදිරියට පිම්මක් පැන ඇති අතර, එක්සත් ජනපදය සහ රුසියාව සමඟ ඇති තාක්‍ෂණික පරතරය පටු කර ගනු ලැබ ඇත.