-
ඇමතිට වැඩ කරන්න දීලා නීතිඥවරු තමන්ගේ රාජකාරිය කරන් ඉන්ඩ… පොලිසිය තුවක්කු පාවිච්චි කරනවට අකමැති මොකද?. යුද්දෙට නැති කඩුව කොස් කොටන්න ද?. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් නීතිඥවරුන්ට ප්‍රශ්න පත්‍රයක්…
අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මිනීමරුවන් තුරන් කිරීම සඳහා අතේ ඇති ගිනි අවිය භාවිතා කරන ලෙසත් එවැනි නිලධාරීන් ආරක්ෂා කිරීමට කැපවන බවටත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් කළ ප්‍රකාශයට එරෙහි වූ නීතිඥ සංගමයට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි විරෝධය පළ කර තිබේ.
මෙම ප්‍රකාශයට එරෙහිව ක්‍රියාත්මක වීමට නීතිඥ සංගමය යෝජනාවක් සම්මත කරගෙන තිබිණි. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් නීතිඥවරුන් ස්වකීය වෘත්තිය කරගෙන සිටිය යුතු බවත් ආයුද පොලිසියට ලබා දී ඇත්තේ අතේ තබාගෙන ඉන්නට නොවන බවත් අවධාරණය කළහ.
උන්වහන්සේ ප්‍රකාශ කළේ කුමන ක්‍රමයකින් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්විය යුතු බවත්, එරෙහි නොවිය යුතු බවත්ය.
“ යුද්දෙට නැති කඩුව කෙස් කොටන්න ද?” උන්වහන්සේ විමසූහ.
කොළඹ විශ්විද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අද (29) මෙම අදහස් පළ කළේ නාරාහෙන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේ ද කීහ.,
“ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර මිනීමැරුම් වැඩි වී තිබුනා. දැන් පොලිස්පති තුමා සහ ටිරාන් අලස් අමාත්‍යවරයා වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. කුමන ක්‍රමයක් හෝ භාවිතා කරලා මේ ප්‍රශ්න විසදන්න ඕන.”
මේ වැඩපිළිවෙළට යම් නීතිඥවරු බලපෑම් කරනවා යැයි වාර්තා වෙනවා.පොලීසිය තුවක්කුව භාවිතා කරනවට මේ නීතිඥවරු අකමැතියි. අපි අහන්නේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලයි.
රාජ්‍ය නීතියට ගරු කළ යුතු බව බුදු රජානන්වහන්සේ පවා ප්‍රකාශ කර තිබෙනවා. කුඩු ව්‍යාපාරය කියන්නේ දරුනු ව්‍යාපාරයක්. කුඩු මත්ද්‍රව්‍යයට සහ මිනි මැරුම් පාතාලයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
නීතිඥවරු තමන්ගේ රාජකාරිය කරලා පොලීසිය තමන්ගේ රාජකාරිය කළ යුතුයි.
මේ මත්ද්‍රව්‍ය පාලනය කරන්න පොලීසිය ගන්න තීන්දු වලට විරුද්ධ නොවිය යුතුයි.
නමුත් පොලීසියත් වඳුරට දැලි පිහිය දුන්නා වගේ වැඩ නොකළ යුතුයි.