ඉඳුනිල් කහටපිටිය-
මහනුවර දිගන නගරය ආශ්‍රිතව අලුතින් විවෘත කළ බාර් එකක් වසා දමන ලෙස පාතදුම්බර හා මැද දුම්බර ප්‍රධාන සංඝනායක පූජ්‍ය තල්පොත ධම්මජෝති හිමියන්ගේ නායකත්වයෙන් සර්ව ආගමික සංවිධාන හා ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක් දියත් කරද්දී රජයට බදු ආදායම සපයන ප්‍රදේශයට අත්‍යාවශ්‍ය බාර් එක රැකගෙන පවත්වා ගත යුතු යැයි පවසන බාර්එක රැක ගැනීමට එකමුතුවූ කණ්ඩායමක් පෙළපාළියෙන් පැමණ විරෝධතාවයක් දියත් කිරීම නිසා දිගන අද (29) සවස අමුතු තත්ත්වයක් උද්ගත වුනේය.
විරෝධතාවය සමග මහනුවර මැණික්හින්න හරහා තෙල්දෙණිය මාර්ගයේ වාහන ගමනා ගමනය බාධා එල්ලවිය.
ගැටුමක් ඇතිවෙතැයි උපකල්පනය කර අවට පොලිස් ස්ථාන ගණනාවකින් පොලිස් බලඇනි ගෙන්වා බාර් එක අවට ආරක්ෂාව තර කර තිබුණේය.
පිරිසක් මත්පැන් අළෙවි සැළ වහා වසා දමන ලෙස බලකරමින් විරෝධතාවයේ නිරත වූහ.
අනෙක් පිරිස රජයට ස්ථීර බඳු ආදයම් ලබාදෙන, ප්‍රදේශයට අත්‍යවශ්‍යය බාර්එක වසා නොදමන ලෙසට බලකරමින් විරෝධතා කළහ.
මේ අතර දැඩි උණුසුම් වචන හුවමාරු දෙපාර්ශවය අතර ඇති විනි. එහෙත් තත්ත්වය ගැටුමක් තෙක් නොගොස් පාලනය කරගැනීමට පොලිසිය කටයුතු කළේය.