පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් රාවණා ලංකා මාධ්‍යවේදී නිශ්ශංක ගේ අවුරුදු 17 ක් පමණ වන පුත්‍රයාත් ඔහුගේ වයෝවෘද්ධ දෙමාපියනුත් පැය දෙකකට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ තබාගෙන සිටි බව දැනගන්කනට තිබේ.
වයෝවෘද්ධ දෙමාපියන් සමග තවත් වැඩිහිටි පිරිමි අයෙක්ද ඇතුළුව හතර දෙනෙකු ඔවුන් නිවාස අඩස්සියට ගෙන මාධ්‍යවේදී නිශ්ශංක ගේ නිවසද පරීක්ෂා කර ඇතැයි වාර්තා වේ.
තමන් පත්වූ අසරණ තත්ත්වය පිළිබඳ එදිනම ඔහුගේ 17 හැවිරිදි පුතා වන විහංඟ විවේක ලෝචන විසින් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කර තිබුණත් මේ වන තෙක්ම කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව වින්දිත පාර්ශවය පවසයි.
මේ අනීතික හැසිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව ගත හැකි උපරිම නීතිමය පියවර ගන්නා බව වින්දිත පාර්ශවය ලංකාසර කළ විමසීමක දී පැවසුවේය.