චන්දන වසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැති සංවිධානත්මක අපරාධකරු විසින් බලහත්කාරයෙන් අත්පත් කරගත් දේපලවල වටිනාකම කෝටි පනහකට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ ජාලිය සේනාරත්න පැවසුවේය.
බස්නාහි පළාත තුළ පමණක් ඔහු ගේ කල්ලිය අනීතිකව අත්පත් කරගත් දේපල යටතේ පර්චස් 925ක ඉඩම් ප්‍රමාණයක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කීය.
මෙම ඉඩම් පිළිබඳව විමර්ශන ඇරඹී ඇති අතර පූර්ණ විමර්ශනයකින් අනතුරුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ එම දේපල රාජසන්තක කරන බවත් ඔහු කීවේය.
ඊට අමතරව මේ අපරාධ කල්ලිය නීති විරෝධී වැලි ජාවරමේ යෙදුනු වැලි තොටුපලක්, පාරු ගණනාවක් හා ලොරි තුනක් පොලිස් භාරයට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළි කළේය.
මේ වනවිට බලහත්කාරයෙන් දේපල අත්පත් කරගන්නා සංවිධානාත්මක අපරාධ කල්ලි ගැන විශේෂ විමර්ශනයක් ඇරඹී ඇති හෙයින්, හොර ඔප්පු සාදමින් දේපල අයිතිය ලබා ගන්නා, බලහත්කාරයෙන් ඉඩම් අත් පත් කරගන්නා, අපරාධයන් සම්බන්ධව තොරතුරු වෙත්නම් පොලිසිය ගැන විශ්වාසය තබා බස්නාහිර අපරාධ කොට්ඨාසයට දැනුම් දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Tags: නවතම