යුරෝපා කලාපය තුල එළැඹෙන වසර මුල වන විට තවත් කොරෝනා අසාදිත මරණ ලක්ෂ පහක් පමණ වාර්තා විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයට අනතුරු අඟවා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපයේ ප්‍රධානී වෛද්‍ය හෑන්ස් ක්ලූගේ විසින් ඊයේ (4) පැවති මාධ්‍ය හුමවක් අමතමින් මේ බව ප්‍රකාශ කර ඇත.
එහිදී ඔහු පෙන්වාදී ඇත්තේ කලාපය තුල එන්නත්කරණයේ පවතින මන්දගාමී බව මෙම තත්ත්වයට හේතුවී ඇති බවත් ඉදිරියේදී සීත සෘතුව පැමිණීමත් සමඟ ආසාදිතයින්ගේ විශාල වර්ධනයක් බලාපොරෙත්තු විය හැකි බවයි.
“අපි අපේ උපක්‍රම වෙනස් කළයුතුයි. කොරෝනා ආසාදිතයෙන්ගේ වාර්ධනය ප්‍රතිචාර දැක්වීම වෙනුවට පුද්ගලයින් වෛරසයට ගොදුරවීම වැලැක්වීමට අපි ක්‍රියා කළයුතුයි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.
මේ අතර වෛද්‍යවරයා විසින් ඇතැම් යුරෝපා රටවල සංචරණ සීමා ලිහිල් කිරීමත් වෛරසය පැතිරීම පාලනයට නිසි සෞඛ ක්‍රමවේද අනුගමනය නොකිරීම සම්බන්ධයෙන්ද සිය අප්‍රසාදය පළකර තිබේ.
ලෝක සෞඛ සංවිධානයේ දත්ත වලට අනුව යුරෝපා කලාපයේ එන්නත්කරණය වැඩපිලිවෙල පසුගිය මාසවලදී මන්දගාමී වී ඇත.
ඒ අනුව ස්පාඤ්ඤය වැනි රටවල ජනගහනයෙන් සියයට 80ක් පමණ එන්නත්කරණයට ලක්වූවද ජර්මනිය වැනි රටවල් එම මට්ටම සියය 66ක වැනි මට්ටමක පවතින අතර ඇතැම් නැගෙනහිර යුරෝපයේ රටවල තත්ත්වය ඊටත් වඩා පහත මට්ටමක පවතී.
මේවන විට කොරෝනා ආසාදිතයෙන් සීඝ්‍ර වර්ධනයත් සමඟ විශාල අභියෝගයකට මුහුණදී සිටින රුසියාවේ ජනගහනයෙන් එන්නත්කරණයට ලක්ව ඇත්තේ සියයට 32ක ප්රතිශතයකි.
මේ අතර මේවන විට ජර්මනිය, රුමේනියාව, හංගේරියාව, යුක්රේනයේද ආසාදිතයින්ගේ සීඝ්‍ර වැඩිවීමක් පෙන්වන අතර එම රටවල රෝහල් වල උපරිම ධාරිතාවට ආසන්න වෙමින් පවතින බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.