තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කර තිබේ.
ඒ අනුව දැනට මෙරටින් මේ දක්වා තහවුරු කර වාර්තාකර ඇති මුළු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 13,821කි.
අද වාර්තා කළ මරණ අතරට කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු අයත්ය. මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.







