වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ දැමිය යුතු බවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මැයි 21 වැනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඒ අදාල පෙත්සම අද ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
අදාල වැටුප් වැඩිකිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුලු වැවිලි සමාගම් කිහිපයක් විසින් ඉදිරිපත්කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබිණි.
.
පෙත්සම් විභාගය නිමා වනතෙක් අතුරු තහනම් නියෝගය බලපැවැත්වනු ඇත.







