දිනසේන රතුගමගේ –
අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයාගේ දේහය කොළඹ සිට ගුවන් මගින් අද (4 ) යාපනය වෙත රැගෙන එනු ලැබීය.

යාපනයේ මාර්ටින් පාරේ පිහිටි ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂ මුලස්ථානයේ දේහය තැන්පත් කිරීමෙන් පසුව ඊට උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල නායකයින් හා සාමාජිකයින් උපහාර දක්වනු ලැබීය.
උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී.එම්.එස්,චාර්ල්ස් ඇතුලු යාපනයේ රාජ්‍ය නිලධාරීන් රැසක්ද යාපනයේ සිටින නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් සෙවිති සායි මුරලි ද සම්පන්ධන් මන්ත්‍රීවරයාට ගෞරව දැක්වූ අය අතර විය.
සම්පන්ධන් මන්ත්‍රීවරයාගේ අවසන් කටයුතු 7 වෙනි ඉරිදා ත්‍රිකුණාමළයේදී පැවැත්වෙන අතර දේහය යාපනයෙන් 5 දා ත්‍රිකුණාමලය බලා රැගෙන යාමට නියමිතය.







