සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු  CID –DIG ප්‍රසාද් රණසිංහ අත් අඩංගුවට ගන්නේ කෙහෙළිය පවුලටම හෙණ කැන්දවූ සඳගල පුරාවස්තු කොල්ලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළ නිසා….

by editor
මාර්තු 10, 2026
in පුවත්
sandagala

සොරකම් කළ දැවැන්ත පුරා ස්මාරකය... සොරකම් කිරීමට පෙර

Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මෑත ඉතිහාසයේ සිදුවූ අතිශය නින්දා සහගතව දේශපාලන බලය යොදා සිද්ධි යටපත් කරමින් සිදුකළ පුරාවස්තු කොල්ලය වන වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ මාලිගාවට ප්‍රවේශයේ පිහිට පෞරාණික සඳගල නැමැති පුරාවස්තුව කෙහෙළිය රඹුක්වැල්ලගේ දේශපාලන බලපෑම මත කොල්ලකෑමේ අපරාධයට අදාල කරුණු වසන් කිරීම සහ විමර්ශනවලට බලපෑම් කිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්  අත් අඩංගුවට ගෙන ඇති බව හෙළි  දරව් වේ.

මේ සම්බන්ධව  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ  කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ තිබූ මහනුවර රාජධානියට අයත් සිංහල රාජ වංශයේ අවසන් රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ මාලිගයේ පිවිසුම් පියගැටපෙළ අසල තිබූ ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකමින් යුත් සඳගල නම් පුරා වස්තුව සොරකම් කිරීමට අදාළව සිදු කරන ලද විමර්ශනය නිසි පරිදි සිදු නොකිරීමට ප්‍රසාද් රණසිංහ බලපෑම් කළ බවය.

අදාළ වරදට සම්බන්ධ සමහර සැකකරුවන්ට ගැලවීයාමට ආධාර කිරීම තුළින් දුෂණය නම් වරද සිදු කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ප්‍රසාද් රණසිංහ යන අය 2026.03.10 වන දින පෙ.ව.11.45ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

සඳගල කොල්ලය ගැන මතක් කිරීමක්

කුණ්ඩසාලේ රජමහා විහාරයට අයත් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ‘සඳගල’ කොල්ලකෑමේ සිදුවීම 2021 වසරේ මැදභාගයේදී වාර්තා විය. මෙම කොල්ලකෑම මෙහෙයවනු ලබන්නේ හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් විසිනි. අතිශය දැවැන්ත මෙම පුරාවස්තුව ඩිෆෙන්ඩරයක රැකවරනය යටතේ බූම් ට්‍රක් එකකින් පැහැරගෙන යන ආකාරය සීසීටීවී කැමරාවල දර්ශනය වූයේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

සඳගල සොරකමට ඩිෆෙන්ඩර් රථයෙන් පැමිණි හැටි….

එය හුදෙක් සාමාන්‍ය සොරකමකට එහා ගිය සංවිධානාත්මක අපරාධයක් බව මුල් අවධියේදීම අනාවරණය විය. මෙම විශාල පුරාවස්තුව රැගෙන ගොස් තබා තිබුණේ කෙහෙළිය රඹුක්වැල්ලගේ හිතවත් ව්‍යාපාරිකයෙකුගේ නිවසට බවත්, එම නිවසට අදාල කොල්ලය සිදුවූ දිනට පසු දින උදෑසන රමිත රඹුක්වැල්ල පැමිණි බවත්, පසුව එම පුරාවස්තුව කුඩු කර මහවැලි ගඟට දැමූ බවත්  අනාවරණය වුනේය.

සඳගල ලෙස හැඳින් වූ මෙම විශාල  කළු ගල තුළ නිධානයක් ඇතැයි යන මිත්‍යාව මත මෙම ගල කුඩු කර ඇති බවට පසුව තොරතුරු හෙළි විය. මේ සෑම  සාධයක්ම හෙලි වෙද්දී පොලිසිය මහනුවර විශේෂ විමරශන අංශය මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් දියත් කළේය. ඔවුන් රමිත රඹුක්වැල්ල, සම්බන්ධීකරණ ලේකම්වරයා සහ මෙම පුරාවස්තුව තබා ගත් කෝටිපතියා අත් අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී විමර්ශන මහනුවර විශේෂ විමර්ශන අංශයෙන් ගැලවී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය.

මෙම පුරාවස්තුව සොරකම් කරගෙන පැමිණි බවට සීසීටීවී කැමරාවලින් තහවුරු වුන කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම් අතුරුදහන්ව සිටියේය. අනාවරණය වූයේ ඔහු කෙහෙළියගේ කාර්යාලයේ රැකවරණය ලබමින් සිටි බවය.

මේ අතර අමුතු වැඩක් වූයේය. කෑල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස එවක සිටියේ රොෂාන් රාජපක්ෂය. රොෂාන් රාජපක්ෂට සැක කටයුතු කෲකැබ් එකක් ගැන තොරතුරක් පැමිණි බව කීවේය. එම වාහනය අත් අඩංගුවට ගන්නා විට එහි ගල් කැබලි වගයක් තිබිණි. අත් අඩංගුවට ගත් පුද්ගලයින් කීවේ තමන් සඳගල සොරා ගත් බවත් සොරාගෙන කුඩු කළ බවත් එම ගල් කුඩු දමන්නට යන බවත්ය.

වහාම අත් අඩංගුවට ගෙන පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කළේය. අනතුරුව සැකරුවෝ වැරැද්ද පිළිගත්හ.  උන් දඩයකට යටත් වූයේය. සිද්ධිය අහවර විය. මේ සම්බන්ධව පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගිය පසු එය විමර්ශනය සඳහා ගොනුව ඉල්ලා තිබිණි. එම ගොනුවේ මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂණ වාර්තා සහ සාක්ෂි අතුරුදහන්ව තිබිණු බව හෙළි විය. ප්‍රසාද් රණසිංහ අත් අඩංගුවට ගන්නේ අන්න ඒ කුපාඩිකමටය.

මේ අපරාධයෙන් පසු කෙහෙළිය පවුලටම හෙණ ගැහුවේය

සඳගල අපරාධය ගැන පිළිවෙලින් මෙම ලිපිවලින් කියවා මතක් කරගන්න…

 

පල්ලෙකැලේ මිනිස්සුන්ගේ ගෞරවයට පත් ටොන් ගණනක් බර ඓතිහාසික “සඳගල“ පුරාවස්තු හොරුන් හොරකම් කරයි!

 

 

සඳගල ඉස්සූ සැකකරුවන් හඳුනාගෙන… ඒත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම මග හැරලා…

 

කොල්ල කෑ කළ සඳගල – නුවර ප්‍රබල දේශපාලකයෙකුගේ පුතාගේ ගෙදර?

ගෙදර නෑ කී ප්‍රධාන සැකකාර සඳගල හොරා ඇමති එක්ක !… ඇමති පුතා බේරාගැනීමේ සැලසුමක් සමග ඔහු CIDයට භාරවිමට සූදානමින්!

සඳගල හොරා ගත් පුරාවස්තු හොරු සමග හෙළුවෙන් සිටින නුවර පොලිසිවලින් විමර්ශන ගැලවේ… ඉදිරි විමර්ශන CIDය ට..

 

සඳගල නාඩගම ඇරඹෙයි… සැකකරුවන් තිදෙනෙක් භාර වෙති!

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විමර්ශනවලට බාධා කළැයි CID හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට!

Next Post

විදුලි සේවක ඉල්ලීම් 62කට එකඟතාව  ලබා දිබියදීත් වර්ජනයේ යෙදෙන  විදුලි සේවකයින්ට දැඩි විනය ක්‍රියාමාර්ග!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.