කුණ්ඩසාලේ ඓතිහාසික සඳගල සොරා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් අද12 දහවල් පල්ලෙකැලේ පොලිසියට භාර වී තිබේ.
භාරවී ඇත්තේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු කුණ්ඩසාලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු ය.
මෙම ව්‍යාපාරිකයා සතුව තිබූ බවට සැකකරන ලොරි රථය සහ බූම් යන්ත්‍රය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
මෙම ව්‍යාපාරිකයා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සතුව තිබූ බූමි යන්ත්‍රයක් ලබා ගත් බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
සැකපිට පොලිස් භාරයේ සිටින මෙම ව්‍යාපාරිකයා රුපියල් කෝටි ගණන් මුදල් පොලියට දෙන ව්‍යාපාරිකයෙක් බවද දැනගන්නට තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.