චීන ආධිපත්‍ය වර්ධනයත් සමඟම ආසියානු රටවල් ආයුධ ආනයනය කිරීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව නවතම සමීක්ෂණ වාර්තාවක් මගින් අනාවරණය වේ.
ස්ටොල්හැම් ජාත්‍යන්තර සාමය පිළිබද අධ්‍යයන ආයතනය විසින් නිකුත් කළ නවතම වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.
ඒ අනුව ගතවූ වසර පහක කාලය තුල ලොව වැඩියෙන්ම ආයුධ ආනයනය කළ රටවල් දහයෙන් හයක්ම ආසියාතික රටවල් වේ.
මෙහිදී ප්‍රථමයා බවට ඉන්දියාව පත්ව ඇති අතර සමස්ත ආනයන වලින් ඉන්දියාව සියයට 10කට අධික ප්‍රතිශයක් ආනයනය කර තිබේ.
අදාල ලයිස්තුවේ දහවන ස්ථානය ජපානයට හිමිවී ඇති අතර දකුණු කොරියාව, පාකිස්තාන සහ ඕස්ට්‍රේලියාවද මේ අතර සිටියී.
චීනය විසින් කළාපය තුළ සිය බලය තහවුරු කරගැනීමට දරනු ලබන උත්සාහය මීට ප්‍රබල හේතුවක් වී ඇති අතර එහිදී අසල් වැසි ඉන්දියාවට ප්‍රබල තර්ජනයක් එල්ලවී තිබේ.
ආයුධ අපනයනකරුවන් ලෙස ඇමරිකා එක්සත් ජනපදය ඉදිරියෙන්ම සිටින අතර දෙවන ස්ථානය රුසියාවට හිමිව තිබේ.
මෙහිදී ඇමරිකා එක්සත් ජනපදය සිය ආයුද සෞදි අරාබියට, දකුණු කොරියාවට, සහ ජපානයට බහුලව අපනයනය කරයි.