බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අති ගරු නෙවෙයි…. දැන් ඇති ගරු ජනාධිපති තුමනි… සජිත් කියයි!

by editor
මාර්තු 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වැඩ කරන විරුවා වැඩි කරන විරුවා වී ඇති බවත්, අති ගරු ජනාධිපති තුමනි ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හඳුන්වනු ලැබූ ජනතාව දැන් කියන්නේ ඇති ගරු ජනාධිපති තුමනි ලෙස බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

තමන් මේ ජන දැවැන්ත ජන බලවේගයත් සමග ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට පැමිණියේ මේ උද්දච්ඡ, දුර්දාන්ත, ආණ්ඩුවට  දැන් ගෙදර යන ලෙස   දැනුම් දීමට බවත් ඔහු කීවේය.

දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව  ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් “රට විනාසයි දැන් ඇති”මැයෙන් අද (15)  සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස  මේ බව පැවසීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“ දුර්දාන්ත ජනතා විරෝධී  රාජපක්ෂ ආණ්ඩුව  ජන බලයෙන් ගෙදර යවන සටන අපි ආරම්භ කරල තියෙනවා. වැඩ කරනවායි කියපු විරුවා අද වැඩි කරන විරුවා බවට පත්වෙලා. ජනතාව එදා කිව්වේ අතිගරු ජනාධිපතිතුමා කියලා. දැන් ජනතාව කියන්නේ ඇති ගරු ජනාධිපතිතුමා කියලා.

ගෑස් ටික්  ටික,  කන්න ආහාර වේලක් හොයා ගන්න නැතුව, දරුවෝ හාමතේ තියලා තමයි අද මේ ජනතාව මෙතෙන්ට ඇවිල්ල තියෙන්නේ. ජනතාව මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ දුර්දාන්ත දුෂ්ට රාජපක්ෂ ආණ්ඩුව කියලා අපි මතක් කරන්න කැමතියි.

අද ගොවියා, ධීවරයා, කම්කරුවෝ ත්‍රීරෝද රථ රියදුරු අනාථ වෙලා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අනාථ වෙලා. ව්‍යාපාරික පන්තිය අනාථ වෙලා. ජන සමාජයේ පහළ සිට ඉහළ දක්වාත් ඉහළ සිට පහළ දක්වා අනාථ වී ඉන්න මොහොතක මෙහි පැමිණ සිටින අයට අපි දෑත් ඔසවා ආචාර කරනවා. කිසිම බියක් සැකක් නැතුව මෙතැනට ඇවිල්ලා සමගි ජන බලවේගයේ  ජන බලය රටට පෙන්නුවා  කියන එක මම මේ අවස්ථාවෙදී කියන්න කැමතියි.

දැන් අවුරුදු දෙකක් රටේ ජනතාව දුක් විඳිනවා. ජනතාවට තවත් මේ දුක උහුලන්න දෙන්න බැහැ. ජනතාව මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ ආණ්ඩුවයි. අපි මේ ස්ථානයට ආවේ මේ දූෂිත දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුව ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළට කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි.

අපි ආවෙ රට කාබාසිනියා කරපු ආණ්ඩුවට ගෙදර යන්න කියන පණිවිඩය දෙන්න. උද්ධච්ච ජන හද ගැස්ම නොතේරෙන මේ ආණ්ඩුව ජනතා දුක අහන්න සූදානම් නැහැ. ජනතා දුක අහන්න සූදානම් නැති මේ ආණ්ඩුව ගෙදර යවන්න ඔබ සූදානම් ද කියලා අපි ජනතාවගෙන් අහනවා.

මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ආණ්ඩුව පලවා හරින ගමන අපි අද සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුව ජන බලයෙන් ජන සවියෙන් ගෙදර යවන ගමන අපි ආරම්භ කරනවා.

දූෂණයෙන් වංචාවෙන් බැහැර වෙච්ච පිරිසිදු පාලනයක් තුළින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ රජයක් තුළ පාලකයන්ට තිබෙන වරදාන වරප්‍රසාද අපි අවම කරලා පොදු ජනතාවට එම සියලු වරදාන වරප්‍රසාද ලබා දෙනවා කියන එක මම කියනවා.

ජනතාවට අවශ්‍ය දේශපාලනයක් නෙවෙයි ජනතා සේවයක් එහි සේවයට කරන්න අපි සූදානම්. ජනතා ප්‍රශ්න විසඳන්න අපි කටයුතු කරනවා කියලා මෙතනදී පොරොන්දු වෙනවා.

ජනාධිපතිගේ අගමැති ඉඳලා අපට තිබෙන වරදාන වරප්‍රසාද පොදු ජනතාව වෙනුවෙන් ලබා දෙනවා කියලා අපි මේ අවස්ථාවේ කියන්න කැමතියි.

අපේ ආණ්ඩුවක් තුළ ඩීල් නැහැ. අපි ආණ්ඩුව තුළ රහස් ගිවිසුම් නැහැ. අපි ආණ්ඩුව තුළ පවා දීම් නැහැ. අපි එකම ඩීල් එක දී මේ රටේ පොදු ජනතාව සමග තිබෙන සමාජ ගිවිසුමයි කියලා මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි. රාජපක්ෂ පාලනය තුළ සෞභාග්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් අද වෙන්දේසි ලන්තයක් බවට පත්වෙලා තියෙනවා. රටේ සම්පත් අපේ දේශීය දේපල තුට්ටු දෙකට විදේශිකයන්ට විකුණන ජාතිද්‍රෝහී ගිවිසුම් අත්සන් කරන මොහොතේ අහිමි වූ ජාතිකත්වය ජාතික අභිමානය සමගි ජන බලවේගය පොදු ජන රජයක් හරහා අපි නැවතත් ලබා දෙනවා කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි.

රුවන්ඩාවේ ගෝත්‍ර දෙකක් ගහමරා ගෙන ලක්ෂ අටක් ජීවිත නැති කරගෙන ඇමරිකාවේ සිංගප්පූරුව වගේ දියුණු වෙනවා. වියට්නාමය ආසියානු පැසිපික් කලාපයේ සීඝ්‍ර දියුණුවක් වන රට බවට පත්වෙලා තියෙනවා. අද අපේ රටේ අන්ත අගාධයකට අන්ත ප්‍රපාතයට මේ දුෂ්ට රාජපක්ෂ පාලනය නිසා කඩා වැටිලා තියෙනවා. රට මුදවා ගෙන යළිත් ජයග්‍රහණය කිරීමට මගේ ආදරණීය ජනතාවට මම ප්‍රතිඥා දෙනවා. ඒ සඳහා සූදානම් වන ලෙස අපි සියලුම ජනතාවට දැනුම් දෙනවා. අපි  නිර්මාණය කරන රජය තුළ සම්පූර්ණයෙන්ම දූෂණය වංචාව හොරකම පිටුදකිනවා.

අපිත් එක්ක දේශපාලන ඩීල් දාන්න දැන් එක එක්කෙනා එනවා. මෙතෙක් කල් සිදුවුණු බහුතර ඩීල් ක්‍රියාත්මක වුණේ ඇමතිකම්, සභාපතිකම් නිලතල මත පදනම්වයි. එහෙම ඩීල් දේශපාලනයක් සමගි ජන බලවේගය තුළ ඉඩක් නැහැ. එකතු වෙන්න ඕන නම් අපි එකතු වන්නේ පුද්ගල  ඩීල් මත නෙමෙයි කියලා ඒ කැමති හැමෝටම අපි කියනවා. අපි එකතු වන්නේ ජනතාව රට දිනවන ඩීල් එකක් එක්ක විතරයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.

අද කොළඹට ඇවිල්ලා  අපි මේ ක්‍රියාත්මක කළේ ආරම්භයක් පමණයි. අපි ඉදිරියේදී වහාම දිස්ත්‍රික්ක මට්ටමින් ආණ්ඩුව පලවා හැරීමේ ගමන දියත් කරනවා. ගමක් ගමක් ගානේ අපි ඇවිත් කාටවත් බිද දමන්න බැරි කාගෙවත් කුමන්ත්‍රණ වලට යට වෙන්නේ නැති පාලනයක් අපි බිහි කරනවා. දකුණු පය පෙරට තබල තනි බලයකින් යුතු   සමගි ජන බලවේග සන්ධානය ජයග්‍රහණය කිරීමට අපි ඇප කැප වෙනවා කියලා ප්‍රතිඥා දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමගි ජනබල පාලනය බිහි බිහිකරන්න එක්වන්න කියලා  අපි මේ ජනතාවට ආරාධනා කරනවා.sajith

අද වන විට අපේ රටේ තරුණ පරපුර දස දහස් ගණනින් මේ නිර්මාණය වෙලා තියෙන අන්ධකාරය තුළ රට අතහැරලා යනවා. අපේ ප්‍රතිපත්ති ගැන විශ්වාස කරලා රට තුළ රැඳී සිටින්න කියලා ඒ තරුණ පරපුරට මම අවධාරණය කරනවා. මේ රටේ උගතුන් වියතුන් දක්ෂයින් රට තුළ තිබෙන මේ මහා දැවැන්ත ප්‍රපාතය තුළ රට අතහැර යනවා.  රටට විශාල පාඩුවක් සිදුවෙනවා.

උගත් අයට,  දක්ෂයින්ට කුසලතාව ඇති අයට තැන දෙන ආණ්ඩුවක් තමයි අපි හදන්නෙ.

අපේ ආණ්ඩුවක දැනටම ප්‍රේමදාසලා ගණනාවක් ඉන්නවා. ගාමිණී දිසානායක  ගණනාවක් ඉන්නවා. ලලිත් ඇතුලත්මුදලිලා ගණනාවක් ඉන්නවා. ජේ ආර් ජයවර්ධන මැතිතුමාගේ  හැමෝගෙම හයියෙන් දුර දක්නා නුවණින් දක්ෂයාට තැන දීලා රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් අපේ ආණ්ඩුව තුළ කටයුතු කරනවා.

අපේ ආණ්ඩුව තුළ නාමික ඇමතිවරු නැහැ. අපි තැන ලබා දෙන්නේ වැඩකාරයන්ට. මේ ආණ්ඩුවෙ වගේ පුටු රත් කරන ඇමතිවරු අපි බිහි කරන්නේ නැහැ. ඒ නිසා කවුරුත් භේදභින්න වෙන්න එපා.

සමගි ජන බලවේගය මහා දැවැන්ත වෘක්ෂයක්. මේක දේදුනු සන්ධානයක්. සෑම ජාතියකටම හැම ආගමකටම හැම කුලයකටම හැම අයෙකුටම ප්‍රතිපත්තිය මත මේ සමග ජන බලවේග සන්ධානයේ සෙවන ලැබෙනවා කියලා මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා.

සෝමාලියාව, සිම්බාබ්වේ  වෙත   අපේ රට ගෙනියන මේ දුෂ්ට රාජපක්ෂ ආණ්ඩුව පලවා හරින්නට එකට එකතු කියලා අපි ජනතාවට ආරාධනා කරනවා.

අද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙතැන්ට ආවේ වෙඩි වලට, බෝම්බ වලට කඳුළු ගෑස් වලට බය නොවී.  ඔළුගෙඩි මාරු, ඩීල් පුටු මාරු වලින් තොරව ජනතා බලයෙන් අපි ආණ්ඩුවක් පත් කරනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුවට වැඩ බැරිනම් රට හදන්න අපිට බාර දෙන්න. අපි වැඩේ කරලා පෙන්නන්නම්. මේ වෙනකොට මැදපෙරදිග රටවල් තුනක් අවුරුදු දෙකක් මුදල් නොමැතිව තෙල් ලබාදීමට සමගි ජන බලවේගය අපේ රජයකට පොරොන්දු වෙලා තියෙනවා කියලා මේ තෙල් පෝලිමේ ඉන්න ජනතාවට මම වගකීමෙන් කියනවා.

මේ රටේ ජාති භේදය, ජාතිවාදය අවුස්සන වද කොත්තු, වඳ සැත්කම් කතා හදලා ඇති කරපු ජාති බේද යේ ප්‍රතිඵල අද විදින්න සිද්ද වෙලා තියෙන්නෙ රටේ ජනතාවට පෝලිම් වල ඉඳගෙනයි. එහෙම වද කොත්තු වද සැත්කම් තිබ්බනම් අපි තමයි ඒවට පළමුවෙන් දඩුවම් කරන්නේ. දැන් මේවා කියලා බලයට ආපු කට්ටිය දැන් ඒ මනුස්සයාට හිඟ පඩිත් එක්ක සේවය පිහිටුවලා තියෙනවා.

අපේ රටේ තිබිය යුත්තේ ජාතිභේදය නෙවෙයි ජාතිකත්වයයි. අපේ රටේ ජනතාව පාවල දෙන්නැතුව ලක්ෂ 220 ක් වූ ජනතාව අනාථ කරන්නෙ නැතුව පින් සිද්දවෙයි ගෙදර යන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.  එහෙම නැත්නම් ජනතාවට ඒ තීන්දුව ගන්න  නැවත වරක් ජනාධිපතිවරණයක් ඉල්ලනවා. එදාට රටේ ජනතාව වැඩ පෙන්නයි කියලා මම මේ අවස්ථාවේ කියනවා.

මේ විරෝධතාවයට සමගි ජන බලවේගය ට අනුබද්ධිත විශාල පිරිසක්  කැප වුණා. මේ ආරම්බය විතරයි ඊළඟ පියවරට සූදානම් වෙන්න කියලා අපි ජනතාවට කියනවා. අපි විනයානුකූල පක්ෂයක්. අපි රට වෙනුවෙන් සාමෙන් එකතු වුණා වගේම අපි සාමයෙන් විසිර යනවා” යැයිද විපක්ෂනායකවරයා එහිදී කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ වර්ග හැටක මිල වැඩිකරමින් ගැසට් නිවේදනයක් නිකුත් වේ….

Next Post

චීන තර්ජන මැද ලහි ලහියේ ආයුධ ගන්න ආසියානු රටවල්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.