කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් බවට තහවුරු වූ රෝගීන් සමග ඍජුව සම්බන්ධ වූ උපදේශකයන් 56 දෙනෙක් මේවනවිට කඳවුරෙන් බැහැරට ගොස් සිටින බව වාර්තා වේ.
එබැවින් ඔවුන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් කඩිනමින් ගත යුතු පියවර පිළිබඳ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටින බව ද සඳහන් වේ.
මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මත්ද්‍රවවලට ඇබ්බැහිවූවන් 605ක් PCR පරීක්ෂණ ලක්කර තිබේ.
ඉන් 57 දෙනෙකු දැනට නිල වශයෙන් වෛරසය ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දැනට පුනරුත්ථාපන වන සුදුවැල්ලෙන් හමුවී යවන ලද කොවිඩ්-19 ආසාධිත මත්කුඩු ලෝලීන්ගෙන් මෙලෙස වෛරසය ආසාදනය වන්නටඇතැයි සැළකේ.
මතුව ඇති තත්ත්වය තුළ පරීක්ෂණ ප්‍රතිපල මත තවත් රෝගීන් හමුවීමේ අවදානමක් ඇතැයි නිල නොවන වාර්තා සඳහන් කළේය.