ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ වත්කම් හා බැරකම් මෙන්ම ඔවුන් විසින් භාවිත කරන බැංකු ගිණුම් පිලිබඳචද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතියි වාර්තාවේ.
අමාත්‍යංශයේ ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, සහ ඖෂධවේදීන්ගේ වත්කම්ද ඒ අනුව පරික්ෂාවට ලක්කරනු ඇති.
මේ වන විට අධිකරණය හමුවේ විභාග වන ප්‍රශ්න සහගත බාල ඖෂධ සම්බන්ධයෙන් කරන ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වන තොරතුරු හා සිවිල් සංවිධානයන් මගින් ඉදිරිපත් වී ඇති පැමිණි සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම පරික්ෂණය ආරම්භ කර තිබෙන බවද එම වාර්තා වැඩිදුරටත් පවසා සිටියි.







