ශ්‍රියානි විජේසිංහ –
මේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් නැවතත් ඩෙංගු රෝගය උත්සන්න විය හැකි බව ඩෙංගු මර්ධන වැඩසටහන සඳහන් කරයි.
මේ වන විට ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප 8ක් හඳුනාගෙන ඇති අතර මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ඩෙංගු මර්ධන වැඩසටහනේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
මේ වසරේ ගත වූ මාස කීපය තුළ ඩෙංගු රෝගීන් 24024ක් වාර්තා වී ඇති අතර මින් වැඩිම ප්‍රමාණය වාර්තා වි ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 8632ක් වන බවත් එය සියයට 35ක ප්‍රතිශතයක් බව ඩෙංගු මර්ධන වැඩසටහන පෙන්වාදේ.
ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් ඇති බව එම වැඩසටහනේ සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.







