ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (13) සවස සහ රාත්‍රියේ පැවති තරග දෙක තරගාවලියේ රිද්මය තීරණාත්මක ලෙස වෙනස් කළේය.
සවසපැවති තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ප්‍රබල ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 7කින් පරදා විශිෂ්ට ජයක් හිමිකරගැනීමට දසුන් ශානක මෙහෙයවන ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණි.
තරගයේ කාසියේ වාසිය දිනාගෙන ප්රථමයේන පන්දුවට පහර දීමට පැමිණි ජැෆ්නා කණ්ඩායම පන්දු ඕවර 20 තුළ සියල්ලන්ම දැවී රැස් කළේ ලකුණු 89ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ දුනිත් වෙල්ලාලගේය. ඔහු ලකුණු 22ක් ලැබුවේය.
ගාලු කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීම ජැෆ්නා කණ්ඩායම සම්පූර්ණයෙන් අසරණය කළේය. ලකුණු 09ක් වනවිට කඩුළු 04ක් බිඳ දැමීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ ලහිරු කුමාර සහ කසුන් රාජිත සමත් විය. විශිෂ්ට පන්දු යැවීමක් කළ කසුන් රාජිත ලකුණු 20ට කඩුලු 04ක් ලැබුවේය. ලහිරු කුමාර ලකුණු 13ට කඩුළු දෙකක්, ටබ්රයිස් ශිම්සි ලකුණු 19ට කඩුළු 02ක් ලැබුවේය.
තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 90ක ඉලක්කය හඹා ගිය ගෝල් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 3ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය. ටිම් සයිෆර්ට් පන්දු 42කට ලකුණු 55ක් ලැබුවේය.
කලම්බු ස්ට්‍රයිකර්ස් සහ බී ලව් කැන්ඩි කණ්ඩායම් අතර රාත්‍රියේ පැවැත්වීති තරගය ලකුණු 09කින් ජය ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්වුණි. ලකුණු සටහනේ දෙවන ස්ථානයේ සිටි බී ලව් කැන්ඩි පරාජය වන්නේ ලකුණු සටහනේ පහළින්ම සිටි කලම්බු ස්ට්‍රයිකර්ස් අතිනි.
කලම්බු ස්ට්‍රයිකර්ස් ලකුණු 169ක් ලැබුවේය. ඒ මුලින්ම පන්දුවට පහර දෙමිනි. පැතුම් නිශ්ශංක පන්දු 38ට ලකුණු 51ක් ලැබුවේය. නවක පිතිකරු නිපුන් ධනංජය මනරම් පිතිකරණයක යෙදෙමින් පන්දු 29ක දී ලකුණු 40ක් වාර්තා කළේය.
පිළිතුරු ඉනිම හඹා ගිය වනිඳුගේ බී ලව් කැන්ඩි ලකුණු 160කට සීමා විය. වනිඳු හසරංග පන්දු 21ක දී ලකුණු 40ක් ලැබුවේය.