දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ නාගපට්ටන හා කන්කසන්තුරේ අතර මගී නැව් සේවාව දින නියමයක් නොමැතිව කල් දමා අති බව ඉන්දීය නැව් සමාගම ඊයේ (18) ප්‍රකාශ කළේය.
ඊට හේතුව වශයෙන් එම සමාගම දක්වා ඇත්තේ හදිසියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හා අයහපත් කාලගුණික තත්ත්වය නිසා එම නැව් සේවාව ක්‍රියාත්මක කිරීමට නොහැකි බවය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ නවතා දැමු එම මගී නැව් සේවාව දෙවන අදියරය යටතේ මැයි මස 13 වෙනිදා යළි ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර හදිසියේම එය 19 වෙනිදා දක්වා කල් දමා තිබියදී අලුතින්ම නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ එම සේවාව දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි.ෙ
නැව් සේවාව ලබා ගනීම පිණිස දැනට ප්‍රවේශ පත් ලබා ගෙන සිටින පිරිසට යළි එම සේවාව පවත්වා ගෙන යන දිනකදී එම ප්‍රවේශ ප්‍රත්‍රයෙන් අදාල සේවාව ලබා ගැනීමට හෝ මුදල් ආපසු ලබා ගැනීමට හැකි බවද ඉන්දීය නැව් සමාගම විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් කොට තිබේ.







