වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි ගුවන් තොටුපොළ ඇතුල්වීමේ පර්යන්තයේ තිබු ස්කෑන් යන්ත්‍ර හා ආරක්ෂක සෝදිසි කිරිම් සියල්ල නවතා දමා ඇති බව වාර්තා වේ.
කිසිම අධ්‍යයනයකින් තොරව මේ නවතා දැමීම සිදුකර ඇත්තේ මගී තදබදය වළක්වා ගැනීමට බව දැනගන්නට ඇත.
ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසන්නේ මෙය බරපතල තත්ත්වයක් බවත්, ගුවන් තොටුපලට ඇතුළුවන පුද්ගලයින් පරීක්ෂා නොකිරීම ගුවන්තොටුපල අභ්‍යන්තර ආරක්ෂාවට බරපතල ගැටලුවක් ඇති කර තිබෙන බවය.
මේ වනවිට ගුවන්තොටුපොළින් පිටවන පුද්ගලයින් පමණක් නවීන ස්කෑනර් යන්ත්‍ර හරහා පරීක්ෂාවට ලක් කරයි.
.