කීර්ති ප්‍රනාන්දු –
අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 07 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25ක පවුල් 4786ක පුද්ගලයන් 19234 කට බලපෑම් එලවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසයි .
ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ ජලගැලීම් හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස7ක පවුල් 4759 ක පුද්ගලයන් 19127 ක් , රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 ක පවුල් 14ක පුද්ගලයන් 52 ක් ,මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 ක පවුල් 07 ක පුද්ගලයන් 30ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02 ක පවුල් 03ක පුද්ගලයන් 13ක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තා පෙන්වා දෙයි .
ඊට අමතරව ගල් පෙරළීමෙන් හා ගස් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු සහ අකුණු සහ තද සුළං හේතුවෙන් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි ද එම මධ්‍යස්ථානයේ පවසයි .
එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 කින් අර්ධ නිවාස හානි 13 ක් ,මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 කින් අර්ධ නිවාස හානි 11 ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 කින් අර්ධ නිවාස හානි 7 ක් වාර්තා වන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ පෙන්වා දෙයි








