ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ ඉරාන විදේශ ඇමති හොදෙන් අමිරබ්ඩොල්හියන් ඇතුලු කණ්ඩායම ගමන් ගත් අනතුරට ලක්වූ හෙළිකොප්ටර් රථය සෙවීමේ ගුවන් මෙහෙයුම් දැඩි අඳුර සහ මීදුම හේතුවෙන් නවතා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන හදිසි සේවා සංවිධානයේ ප්‍රකාශඛ බැබක් යෙක්ටපරාස් උපුටා දක්වමින් අල් ජසීරා පවසන්නේ මෙහෙයුම් කටයුතු මේ වනවිට සංකීර්ණ වී ඇති බවය.
ආසන්න ප්‍රදේශයට ගිලන් රථ යවා ඇති බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක භාවිත කිරීම සදහා ටෙහෙරානයේ ගුවන් ගිලන් රථ සූදානමින් ඇති බවය.









