කීර්ති ප්‍රනාන්දු –
අද (19) උදෑසන මීරිගම නාල්ල මාලදෙණිය ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙක් නිවස තුළදීම ඝාතනය කර තිබේ.
මරා දමා ඇත්තේ 80 හැවිරිදි වියපත් පියෙක්, 77 හැවිරිදි මවක් සහ 42 හැවිරිදි ඔවුන් දෙපළගේ පුතාය.
ඝාතකයා 42 හැවිරිදි පුද්ගලයෙක් ලෙස හඳුනාගෙන ඇත. මෙසේ මරා දමා ඇත්තේ ඝාතකයාගේ බිරියගේ බාප්පා,පුංචි අම්මා සහ ඒ් දෙපළගේ පුතා බව මෙතෙක් සිදු කල පරීක්ෂණවලින් අනාවරණය වන බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිසියට සැකකාර ඝාතකයා සහ ඔහු සන්තකයේ පැවති රුපියල් ලක්ෂ තුනක මුදලක් සොයාගන්නට හැකි වී ඇත.
රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑම සඳහා මෙම සාහසික අපරාධය කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. නාල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.







