අර්ධ අවසන් පූර්ව වටයට ප්රවේශ වීම සඳහා ප්රංශය සහ පෝලන්තය අතර අද රාත්රියේ පැවති තරගයේ දී සුපිරි 16 දෙනාගෙ වටයේ තරගයෙන් ගෝල 3-1 ජයග්රහණයක් අත්පත් කරගැනීමට ප්රංශය සමත් වූයේය.
ප්රංශයේ ලාබාල සුපිරි තරුව Kylian Mbappe මනරම් ගෝල දෙකක් අද තරයේ දී වාර්තා කළේ පාපන්දු ලෝකයේ වික්රමාන්තවිත පුරාවෘතය වූ පේලේ ගේ වාර්තාවක් බිඳ හෙළමිනි.
වයස අවුරුදු 24 සම්පූර්ණ වීමට පෙර ක්රීඩකයෙකු විසින් රැස් කළ වැඩිම ලෝක කුසලාන ගෝල (08) සඳහා පේලේ තැබූ වාර්තාව ඔහු විසින් පසු කර ගියේය.
ප්රංශය තරගයේ මුල සිටම විශිෂ්ට පාලනයකට තරගය නතු කරගත්තේ වේගවත් තරග විලාශයක් පෙන්නුම් කරමිනි.
ප්රංශය වෙනුවෙන් ප්රථම ගෝලය වාර්තා කළේ Olivier Giroud ය. ඔහු තරගයේ පළමු අර්ධය නිම වීමට පෙර ප්රංශයට තරගයේ වාසිය ගෙන ආවේය. තරගයේ 43 වැනි මිනිත්තුවේ දී Olivier Giroud ප්රංශය වෙනුවෙන් ගෝලය වාර්තා කළේය. ඒ ඔහු සිය රට වෙනුවෙන් වාර්තා කළ 52 ගෝලය විය.
තරගයේ 74 වැනි මිනිත්තුවේ දී Kylian Mbappe සිය පළමු ගෝලය වාර්තා කළේය. ඔහු ඉඩ ලබා ගනිමින් දැල වෙත එල්ල කළ වේගවත් පහර පළපුරුදු පෝලන්ත දැල් රකින්නා අන්දමන්ද කළේය.
නැවතත් තරගයේ 89 වැනි මිනිත්තුවේ දී Kylian Mbappe යළිත් ක්රියාත්මක විය. ඔහුගේ පළමු ගෝලයටත් වඩා දෙවැන්න මනරම් වූයේය. වමේ සිට දකුණට පන්දුව මාරු කර ගෝල් කණුවේ ප්රතිවිරුද්ධ දිශාවේ ඉහළ කෙළවරෙන් Kylian Mbappe පන්දුව දැල වෙත යොමු කළේ විදුලි වේගයෙනි. දැල් රකින්නාගේ ඇඟිලි තුඩුවල දැවටී පන්දුව දැල වෙත පියඹා ගියේය.
රොබට් ලෙවන්ඩොව්ස්කි අවසන් තත්ත්පර කීපයේ දී පෝලන්තය වෙනුවෙන් දඬුවම් පහරක් ලබා ගත්තේය.
ප්රංශය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ.
ශ්රී ලංකා වෙලාවෙන් හෙට (05) 0.30ට ආරම්භවන එංගලන්තයට එරෙහිව සෙනගාලයේ ජයග්රාහකයින් සමඟ අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඉරිදා ප්රංශය සටන් වදිනු ඇත.