බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත්කඩේ ගොබ්බ කොත්තුවාට ඇප ලැබුණු පසු….

by editor
අප්‍රේල් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (16) කෙසෙල්වත්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන කොළඹ අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කළ ගොබ්බ කොත්තුවාට ඇප ලැබී තිබේ.  ස්ට්‍රීට් ෆුඩ් බෝඩ් එක යටතේ කඩයක් කරන මේ ගොබ්බයා  රාත්‍රි ආහාරය ලබා ගැනීමට පැමිණි විදේශිකයෙකුට රුපියල් 1900කට කොත්තුවක් විකුණන්න හැදුවේය.

එය මිල වැඩි බව ප්‍රකාශ කර සැබෑ මිල ගණන් කීයදැයි කඩයේ සිටි පුද්ගලයින්ගෙන් ඇසූ ඔහුට මේ මීහරකා බැණ වැදුනේය. ගහන්න ගියේය. ඇඟට අත තබා තල්ලු කර අඩන්තේට්ටම් කළේය. පළවා හැරියේය. රටේ රෙදි ලෙෆ්ට් විය. මක්නිසාද යත්  Emeka Iwueze නැමැති මෙම විදේශිකයා ඒ අවස්ථාවේත්  සිටියේ රටේ සමාජ ස්වරූපය සම්බන්ධ වීඩියෝවක් සකස් කිරීම සඳහා සජීවී දර්ශන පටිගත කරමිනි. යළිත්  ඔබ මේ දකින්නේ  රට නිරුවත් කළ ඒ දර්ශන පෙළය.

අලුත් කඩේ  කොත්තුවාගේ නල්ලමලේ චන්ඩිකමේ ස්වරූපය මුලුමනින්ම වීඩියෝවේ පටිගත වී තිබිණි.  මේ තැනින් තැන එළිවන්නේ මේ රටට පැමිණෙන  විදේශිකයෙකුට සමාජය සලකන ආකාරය ය.  මේ නින්දිත කුපාඩිකම් සහ සූරාකෑම් බරපතල ලෙස සිදුවන්නේ ත්‍රී විල් මාෆියාවෙනි.  විදේශිකයෙකුට අන්තර්ජාලය හරහා කැබ් රථයක් ගෙන්වා ගත නොහැකි තරමට මේ පාදඩ හයිරන්කාරකම සංචාරක ප්‍රදේශවල පවතින්නේය.

දෛනිකව විදේශිකයන් වංචා කිරීම් පිළිබඳව කොල්ලකෑම පිළිබඳ පැමිණිලි ලැබෙන්නේදැයි කල්පනා කළහොත් මේ රටට විදේශිකයෙක් එනවා කියන්නේම පුදුමයකි.

විදේශිකයෙක් නම් ඌ මරාගෙන කෑ යුතුය යන සමාජ ආකල්පය සමග මේ රටේ සංචාරක ව්‍යාපාරය හරහා ආර්ථික සමාජය දියුණු කිරීමේ උපාය කෙසේ ප්‍රායෝගික කළ හැකිදැයි අපට නම් වැටහෙන්නේ නැත. මේ කතාව අපට වඩා හොඳට නිර්මාණාත්මකව බෙල්ජියම් ජාතික සංචාරකයෙක් කළුතර “බෞද්ධ වඩේ මුදලාලිගේ “ කුපාඩිකම ඔස්සේ රටට පෙන්වා දුන්නේය. මේ කතාව ඔබට හොඳට මතකය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අවංක කම පිළිබඳ සහිතක විය හැකි ආරක්ෂාව පිළිබඳ සහතික විය හැකි පරිසරයක් සහිත සමාජ වටපිටාවක මිස සංචාරක ව්‍යාපාරය වැනි මානව බද්ධ කර්මාන්තයක් ඵල දරන්නේ  නැත.  එමෙන්ම තමන් ආර්ථික වශයෙන් මූලෝපාය ලෙස තෝරා ගන්නා මාධ්‍යය නීතිමය රාමුවක් තුළ දැඩි ලෙස ශක්තිමත් නොකරනතාක්කල් එහි සැබෑ ඵල සමාජයට ලැබෙන්නේත් නැත.

මේ වනවිට දකුණේ සංචාරක ව්‍යාපාරය කරන ඇතැම් ප්‍රධාන චරිත පාතාලයේ දහදුරා අපතයන්ය. ත්‍රීවිල් ඇතුළු ප්‍රවාහනය සමග ගනුදෙනු කරන බොහෝ දෙනා මේ පාතාලයන්ගේ සිල්ලර ගුඩ්ඩන්ය.  එවැනි වටපිටාවක සංචාරකයින්ට වෙන අපරාධ පිළිබඳව නඩුත් නැත. උන්ගේ බැලයන්වන ප්‍රාදේශීය පොලිසිවලට ඒ නඩු පවසාත් තේරුමක් නැත.

එවන් පරිසරයක ඊයේ පෙරේදා තමන් අත්විඳන අපරාධ විදේශිකයන් විසින්ම මේ ලෙස පත්තු කර පෙන්නූ එක කදිමය. අලුත්කඩේ කොත්තුවා රිමාන්ඩ් වීම සහ අධිකරණය විසින් පවතින නීතිය යටතේ  ක්‍රියාත්මක වීම අපට විශේෂ වැදගත් කමක් සහිත ප්‍රවේශයක් හදන්නේ එබැවිනි.

අධිකරණය ඔහුව රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැරියේය.   අත්අඩංගුවට ගෙන තිබුණේ  51 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විදේශිකයන් විෂයෙහි ඕනෑම ආකාරයක නින්දා සහගත හැසිරීම් ප්‍රකට  කරන උන්, විදේශිකයන් කොල්ලකන අපරාධ කරුවන් පිළිබඳව නව නීති සම්පාදනය කිරීමේ වැදගත්කම රටක් ලෙස අවධාරණය කර ගත යුතුය. මක් නිසාද යත් මුලින් කී ආකාරයට රටේ ප්‍රධාන විනිමය උපයන මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තය තෝරා ගත් රටක් තම රටට එන සංචාරකයන් විෂයෙහි මීට වඩා වගකීමක් දැරිය යුතු බැවිනි.

සංචාරක කර්මාන්තයේ ඵලය සමාජයට ලැබෙන්නේ සංචාරකයෙක් එළියට බැස සාමාන්‍ය වෙළෙඳසලකින් ප්ලේන්ටියක්වත් බිව්වොත් පමණක් බවටත් තාරාවියගේ බඩ පලා එක්වර රන් බිජු රැස් කරගැනීමට සිතූ මුග්ධයින් සේ හැසිරීම නොකළ යුතු බවටත් වූ සමාජාවබෝධය නෛතික රාමුවක් හරහාවත් සමාජයට ලබා දිය යුතු බැවිනි.

ආර්ථික පදනම නිර්මාණය කරන සම්පත් නෛතික රාමුවකින් ආරක්ෂා කළ ආකාරය සම්බන්ධව ඉතිහාස අත්දැකීම් තිබේ. ලන්දේසින් පහත රට පාලනය කරන වකවානුවේ දී රටේ ප්‍රධාන ආර්ථික සම්පත වූයේ කුරුඳු වගාවය. එකල්හි කුරුඳු වගාව රැක ගැනීම සඳහා ලන්දේසීන් දැඩි නෛතික රාමුවක් සකස් කර තිබිණි. කුරුඳු ගසක් විනාශ කිරීම මිනිහෙක් මරා දැමීමට සමාන වරදක්කොට ලන්දේසි අධිකරණය විසින් සැලකුවේය. එසේ සලකා දඬුවම් ලබා දුන්නේය. ලන්දේසීහු ආර්ථික ලෙස ශක්තිමත් වූහ.

කාලීනව සමාලෝචනය කළ යුතු  නෛතික රාමුවක් නොමැතිව “සෝලෝ ට්‍රැවලර්ස්ලාගේ හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාව” “ තනියම කාන්තාවකට ගමන් කළ හැකි හොඳම රට ලංකාව” වැනි ගොබ්බ ස්ලෝගන් ප්‍රමෝට් කර වැඩක් නැත.

එක තනි විදේශිකයෙකුට මේ රටේ ඇති කාලකන්ණි ගෝත්‍රික සමාජය එක තත්පරයකින් වීඩියෝ පටයක් හරහා ලෝකයට ප්‍රකාශ කළ හැකි බැවැනි.

දැනටමත් එය ප්‍රකාශ කර හමාර බැවිනි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දමිතයි සැමියයි 24 තෙක් රිමාන්ඩ්…

Next Post

පාස්කු අපරාධයට සම්බන්ධ සියලුම පුද්ගලයින් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙනෙනවා… ජාතික ජන බලවේගය ප්‍රතිඥා දෙයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.