සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන්ව ඝාතනය කිරීමට තැත්කළ නඩුවට සාක්ෂි දීමට දැඩි පොලිස් ආරක්ෂාව විනිසුරු ඉලන්චෙලියන් යාපනය අධිකරණයට එයි!

by editor
අප්‍රේල් 26, 2024
in පුවත්
ඉලන්චේලියන් විනිසුරුවරයා දැඩි ආරක්ෂාව මැද අධිකරණයට පැමිණි අයුරු...

ඉලන්චේලියන් විනිසුරුවරයා දැඩි ආරක්ෂාව මැද අධිකරණයට පැමිණි අයුරු...

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාව මහාධිකරණ විනිසුරුවරයාව වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ විභාගවන නඩුවේ ප්‍රධාන සාක්කිය ලබා  දීම පිණිස වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන්  දැඩි ආරක්ෂාව යටතේ ඊයේ (25) දා යාපනය මහාධිකරණය වෙත පැමිණියේය.

මානික්කවාසගම් විනිසුරුවරයාට පොලිස් ආරක්ෂාවට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේද ආරක්ෂාව සලසා දී තිබුණි.

නඩු විභාගයට වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා පැමිණීමට පෙර සිටම යුද හමුදා නිලධාරීන්ද අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ ආරක්ෂාවක් සලසා තිබුණි.

2017-07-22 වෙනි දින එවකට යාපනයේ මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළ මානික්කවාසගම් ඉලන්චෙලියන්   අධිකරණ කටයුතු හමාර වී සිය මෝටර් රථයෙන් පොලිස් ආරක්ෂාව මැද නිල නිවස වෙත යමින් සිටියදී පිස්තෝලයක් රැගෙන පැමිණි පුද්ගලයෙකු විනිසුරුවරයාට වෙඩි තැබීමට තැත් කළ අවස්ථාවේදී විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් වරයා වෙඩි ප්‍රහාරය වැළැක්වීමට උත්සාහ කළේය. එහිදී සරයන්වරයා වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේය.

හලාවත ප්‍රදේශයේ පදිංචි හේමචන්ද්‍ර නැමති එම පොලිස් සරයන්වරයාගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයාව පිස්තෝලය සමග පසුව පොලීසිය විසින් අත් අඩංගුවට ගත් අතර එම ඝාතනය සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ විභාග වන නඩුවට අදාලව සාක්කි දීම සඳහා  දැනට වවුනියාව මහාධිකාරණ විනිසුරුවරයා ලෙස කටයුතු කරන මානික්කවාසගම් ඉලන්චෙලියන් පැමිණ සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී සාක්කි දෙමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කලේ යාපනයේ නල්ලූර් කෝවිලට ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදු වූ බවයි. කෝවිල් පරිශ්‍රය පුද්ගලයින්ට වෙඩි තැබීම සදහා  යොදා ගැනීමට තරම් අපරාධකරුවන් සහැසිවීම ගැන තමා කණගාටුවන බව කී මානික්කවාසගම් මහාධිකරණ විනිසුරුවරයා එදින සිදු වූ වෙඩි තැබීම සිදු වූ ආකාරය පැයක පමණ කාලයක් විස්තර කළේය.

මෙම නඩුව යාපනය මහාධිකරණයේදී තව දුරටත් විභාග වෙමින් පවතී. 

විනිසුරුවරයා ඉලක්ක කරගෙන තැබූ වෙඩි පහරින් මියගිය සැරයන් හේමචන්ද්‍රගේ    පවුලේ සියලු කටයුතු  මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන්   විසින් බාර ගෙන ඔවුන්ට නව නිවසක්ද ඉදි කොට දී දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳවද නිරන්තරයෙන්ම   සොයා බැලීම විශේෂ සිද්ධියකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙංගු මදුරු තවාන් වැඩිපුරම හමුවෙලා තියෙන්නේ නිවාස ඇතුළෙ…

Next Post

වසර 20ක් වගා කළ කුඹුරුබිම් තහනම් කරලා… ගොවීහු විරෝධතා පුවරු අරන් කුඹුරට බසිති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.