සුමිත් පොතුපිටිය –
“අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි. අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා… ” යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (25) පැවසීය.
ඇමතිවරයා මේ බව සඳහන් කලේ කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය .
“අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී හිටිනවා. මම මෙතන වැඩිය කතා කරන්න ඕන නැහැ. මෙතන ඉන්න අය මොකක්ද කරන්න ඕන කියල දන්නවා.”
“මොකක්ද අවශ්‍යතාවය කියලා හැමදේම දන්නවා. මේ කණ්ඩායම මදි වුනොත් තව පොලිස් යතුරු පැදී කණ්ඩායමක් පිහිටවනවා. “
“අපිට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය මොකක්ද කියලා සියලු පොලිස් නිලධාරීන් දන්නවා. මට අවශ්‍ය ඒ ඉලක්කයට යන්න පමණයි. ඔබලා සියලු දෙනාටම පඩි වැඩි කිරීම් ඇතුළු හැම දෙයක්ම කළා . මම ඔබලාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඉලක්කයට යාම පමණයි.”
“කුඩු විකුණන , පාතාලයට සම්බන්ධ , මිනීමරණ පුද්ගලයන් මේ රටින් තුරන් කිරීම පවක් නෙවෙයි. ඒ නිසා ඔබේ ඉලක්කයට ඔබ යන්න.”
“මේ වැඩ කටයුත්ත පොලිස්පතිතුමාගේ නායකත්වයෙන් උපදෙස් පරිදි වැඩ කරගෙන ගිහිල්ලා මේ රට හොඳ තැනකට ගෙනියමු.” ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය