බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තර්ජන සහ සම්බාධකවලින් අපව නවත්වන්න බෑ…. සතුන් පවා නොකරන ගාසා අපරාධය නැවැත්විය යුතුයි… ඉරාන ජනපති ලංකාවේ සිට ලෝකයට දන්වයි…

by editor
අප්‍රේල් 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉරානය යනු සම්බාධක යොදා, තර්ජනය කර නැවැත්විය හැකි ජාතියක් නොවන බව ශ්‍රී ලංකාවේ ආදරණීය ජනතාව වෙත කියා සිටින බවත්, ඉරානය පිළිගැනීම සහ සත්කාර සංග්‍රහ කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාවට අතිශයින්ම කෘතඥවන බවත් ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි පැවසුවේය.

ඔහු වැඩිදුරටත්  කීවේ ශ්‍රී ලංකාවට කියා සිටින්නේ ශ්‍රී ලංකාව  සහ ඉරානය අතර දේශපාලන ආර්ථික සහ සංස්කෘතික සම්බන්ධතා පුළුල් කිරීම  සඳහා සීමා මායිම් හෝ බාධක නොමැති බවය.

ගාසා තීරයේ සිදුවන සංහාරය තමන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාකච්ඡා කළ බව කී ඉරාන ජනාධිපතිවරයා ගාසා තීරයේ සිදුවන ළමා ඝාතන ඇතුළු සාහසික    අපරාධ    මුස්ලිම්වරුන් පමණක් නොව, ලොව පුරා සිටින සෑම ජන කොට්ඨාසයක්ම   හෙළා දකින්නේ යැයි පැවසුවේය.

මිනිස් ස්වරූපයෙන් සිටින වෙනත් ජීවීන් පිරිසක්, සතුන් පවා සිදු නොකරන අන්දමේ මෙවැනි අපරාධ සිදු කරන විට     එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ සියලුම මානව හිමිකම් ආයතන සහ  සංවිධාන මුනිවත රැකීම තමන් කම්පනය කර ඇති ආකාරය ගැන ඉරාන ජනාධිපතිවරයා ලංකාවේ සිට ලෝකයට කීවේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ   ඊයේ (24) පස්වරුවේ ශ්‍රී ලංකා – ඉරාන දෙරටේ ජනාධිපතිවරුන් අතර  ජනාධිපති  කාර්යාලයේ පැවති නිල සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමිනි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් මෙසේ ද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව වැනි රටක මගේ කණ්ඩායම සමඟ සංචාරය කිරීමට හැකිවීම පිළිබඳව මම ඉතා සතුටු වෙනවා. ඉරාන ඉස්ලාමීය ජනරජයේ දැනුම, තාක්ෂණය සහ ශක්තිමත් සහයෝගීතාව මත ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කරගත් විශිෂ්ට ව්‍යාපෘතියක් අද දින ජනතා අයිතියට පවරා දීමට ලැබීම පිළිබඳවද මම සතුටු වෙනවා.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සාමාන්‍ය ව්‍යාපෘතියක් නොවෙයි. මෙය ඉරාන වෘත්තිකයන් විසින් විශාල කැපවීමකින් සහ විශේෂඥභාවයකින් යුතුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුභසාධනය මූලික කරගනිමින් සම්පුර්ණ කළ ව්‍යාපෘතියක් බව කිවයුතුයි.

ඉස්ලාමීය විප්ලවය ජයග්‍රහණය කළ දා සිට ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ඇති කර ගැනීමට ඉරානය කටයුතු කර තිබෙනවා. වසර ගණනාවක් පුරා, මෙම සබඳතා වර්ධනය වී පුළුල් වී තිබෙනවා. අද අප දෙරට අතර ඉතා ඵලදායී සාකච්ඡා සහ කථා බහක් සිදු වුණා.

දෙරටේම ජනතාවට ප්‍රතිලාභ සැලසෙන අයුරින් දෙරට අතර දේශපාලන, ආර්ථික, වෙළඳ, සංස්කෘතික, කෘෂිකාර්මික, සංචාරක, විද්‍යා මෙන්ම තාක්‍ෂණික ක්ෂේත්‍ර තුළ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමට අප එකඟ වුණා.

ඉරානය සහ ශ්‍රී ලංකාව යන මිත්‍ර රටවල් දෙක තුළම හොඳ විභවයන් සහ හැකියාවන් ගණනාවක් පවතිනවා. මෙම හැකියාවන් සහ විභවයන් අපගේ රටවල් දෙක අතර අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගැනීම සහ බෙදා හදා ගැනීම අපගේ රටවල් දෙකට, අපගේ ජාතීන් දෙකට සහ අපගේ කලාප දෙකට ප්‍රයෝජනවත් වනු ඇතැයි මම පෞද්ගලිකව විශ්වාස කරනවා.

අප දෙරට අතර ආර්ථික, වෙළඳ, කෘෂිකාර්මික, විද්‍යාත්මක තාක්ෂණික ක්ෂේත්‍රයන් සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු  කිරීම පිළිබඳ සොයා බැලෙන ඉරාන – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කොමිසමේ මීළඟ වටය හැකි ඉක්මනින් පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යවරයාට මම ස්තූතිවන්ත වෙනවා.

තර්ජනවලට හෝ සම්බාධකවලට අපව නැවැත්විය නොහැකියි

තර්ජනවලට හෝ සම්බාධකවලට ඉරාන ජනතාව නැවැත්වීමට නොහැකි වූ බවත් ඔවුන්ට කිසි විටෙකත් රටේ සංවර්ධනය හා ප්‍රගතිය කඩාකප්පල් කළ නොහැකි බවත් මා මෙහි දී ශ්‍රී ලංකාවේ ආදරණීය ජනතාව හමුවේ ප්‍රකාශ කරනවා.

අද ඉරාන ඉස්ලාමීය ජනරජය තාක්‍ෂණික සංවර්ධනයේ ඉහළ ප්‍රගතියක් අත්කරගත් රටක් ලෙස හැඳින්වීමට හැකියාව ලැබී තිබෙනවා. ඉංජිනේරු සහ තාක්‍ෂණය පිළිබඳ අපගේ විශේෂඥ දැනුම ශ්‍රී ලංකාවට ද ලබාදීමට අප සූදානම් බව ප්‍රකාශ කළ යුතුයි.

මෙම සහාය ලබාදීම තුළින් ශ්‍රී ලංකාවෙ ආර්ථික වර්ධනයට දායක වීමට අපට අවස්ථාව ලැබෙනවා. මෙම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අප දෙරට අතර පවතින සහයෝගීතාව පිළිබඳ හොඳ උදාහරණයක්.

මනුෂ්‍යත්වයට එරෙහි පස්තීනියේ සිදුවන අපරාධය

අද මුස්ලිම් රටවලට සහ මුස්ලිම්වරුන්ට පමණක් නොව ලෝකයේ විවිධ ප්‍රදේශවල වෙසෙන සියලුම මිනිසුන්ට ඇති  ප්‍රධානම අභියෝගයන්ගෙන් එකක් වන්නේ පලස්තීනයයි. එය  මහා පීඩනයක් වගේම රටට ලොකු තර්ජනයක් ලෙස මම දකිනවා.

ඒ වගේම එය පලස්තීනයේ සහ ගාසා තීරයේ ජනතාවට කරන මහා අපරාධයක් බව කිවයුතුයි. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් වන මෙම බිහිසුණු අපරාධය සියලු මිනිසුන්ගේ කනස්සල්ලට හේතු වන කාරණාවක්. මේ ප්‍රශ්නය නිසා සියලු දෙනා  කණස්සල්ලට පත් වෙලා සිටිනවා. නමුත් ජාත්‍යන්තර ආයතන සහ සංවිධාන මෙන්ම ඒවා බාරව සිටින පුද්ගලයින් ගාසා තීරයේ සහ පලස්තීනයේ සිදු කරන ජන සංහාර සහ ළමා ඝාතන නතර නොකරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක්.

අද වන විට ගාසා තීරයේ මෙතරම් අපරාධ සහ ළමා ඝාතන සිදු වන බව දැකීම ඉතා කණගාටුදායකයි. මුස්ලිම්වරුන් පමණක් නොව, ලොව පුරා සිටින සෑම ජන කොට්ඨාසයක්ම මෙම සාහසික ක්‍රියා සහ ඝාතන හෙළා දකිනවා.

මිනිස් ස්වරූපයෙන් සිටින වෙනත් ජීවීන් පිරිසක්, සතුන් පවා සිදු නොකරන අන්දමේ මෙවැනි අපරාධ සිදු කරන බව ඇතැමෙකුගේ විශ්වාසයයි. අවාසනාවකට අද වන විට වඩාත් කණගාටුදායක කරුණ වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ සියලුම මානව හිමිකම් ආයතන සහ සංවිධාන ඔවුන්ගේ කාර්යක්ෂමතාව හා ක්‍රියාකාරිත්වය නැති කර ගෙන තිබීමයි. ඔවුන් මෙම ජන සංහාරයට හෝ මෙම අපරාධයන්ට එරෙහිව ඒවායේ අවසානය තෙක් කිසිදු ස්ථිර ක්‍රියාමාර්ගයක් නොගැනීමයි.

ගාසා තීරයේ අහිංසක ජනතාවට එරෙහිව සියොන්වාදී ඊශ්‍රායල පාලනයේ බෝම්බ ප්‍රහාර සහ එම ප්‍රහාර වහා අවසන් කිරීම පිළිබඳව සහ මෙම අහිංසක මිනිසුන්ට ජලය, ආහාර, ඖෂධ සහ බෙහෙත් ඇතුළු ආධාර කඩිනමින් ලබා දීම සම්බන්ධයෙන් වූ අපගේ ස්ථාවරත්වය පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ මම සාකච්ඡා කළා.

ගාසා තීරයට අවශ්‍ය පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක්…

මෙහි වැදගත් කාරණය වන්නේ පලස්තීනයේ ප්‍රශ්නය සහ එම ප්‍රශ්නය විසඳීම සඳහා වන පිළිතුරයි. ඉරාන ඉස්ලාමීය ජනරජය මුලුමනින්ම සහ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ආරම්භ කර තිබෙනවා. එනම්, සෑම පලස්තීනුවෙකුටම ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීමයි. මෙයින් මා අදහස් කරන්නේ පලස්තීනුවන්, මුස්ලිම්, ක්‍රිස්තියානීන් හෝ යුදෙව්වන් වේවා, ඔවුන් සෑම කෙනෙකුටම ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවයි.

එමඟින් ඔවුන්ට මීළඟට පැමිණෙන රජය පිළිබඳව තීරණය කළ හැකි වෙනවා. මෙය සම්පුර්ණයෙන්ම යුක්ති සහගත සහ ප්‍රජාතන්ත්‍රවාදී මුලපිරීමක්. පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කොල්ලකෑම සම්බන්ධයෙන් ගත් කළ, සියොන්වාදී ඊශ්‍රායල පාලනය වසර 75 ක් තිස්සේ පලස්තීනයේ ජනතාවට පීඩා පමුණුවමින් සිටිනවා. ඔවුන් සිය බල ප්‍රදේශ කොල්ලකමින් සිට තිබෙනවා. එබැවින් කොල්ලකරුවන් සහ පීඩකයන් සම්බන්ධයෙන් ගත් කළ, ඔවුන්ගේ මෙහෙයුම් සිදු කිරීමට වැඩි ඉඩකඩක් සහ නිදහසක් අප විසින් ලබා නොදිය යුතුයි.

නමුත් පළමුවෙන්ම, අපි පීඩකයන් එළවා දැමිය යුතු වෙනවා. අනතුරුව, ඔවුන් විසින් සිදු කරන ලද සියලුම හානි සඳහා වන්දි ගෙවීමට අප කටයුතු  කළ යුතු වෙනවා. තෙවනුව, අපි එම පීඩකයන් සහ කොල්ලකරුවන් නීතිය ඉදිරියට රැගෙන ආ යුතුයි.

වෙනත් කණ්ඩායමක් විසින් අනෙකෙකුට අයත් ඉඩම් සහ භූමි ප්‍රයෝජනයට ගැනීම හෝ අත්පත් කර නොගන්නා බව තහවුරු කිරීමට හැකි කිසිඳු සහතිකයක් නැහැ. අපි ඔවුන්ව යුක්තිය ඉදිරියට ගෙන නොයන්නේ නම්, ඔවුන් තව නව භූමි ප්‍රදේශ කිහිපයක් ද අල්ලා ගැනීමට කටයුතු කරනු ඇතියි.

ඔවුන් තම ජනතාවට, ඔවුන්ගේ කාන්තාවන්ට සහ දරුවන්ට එම ප්‍රදේශවලින් ඉවත් වීමට බල කරනු ඇතියි. ලෝකයේ සාධාරණ අවකාශයක් ස්ථාපිත වී ඇති බව අප ඔප්පු කළ යුතු වෙනවා. සාපරාධී සියොන්වාදී ඊශ්‍රායල පාලන තන්ත්‍රය ඉතා යුක්ති සහගත ලෙස එහි ක්‍රියාමාර්ග හා ක්‍රියාමාර්ගවලට වගවීම පිළිබඳව ජාත්‍යන්තර අධිකරණයෙන් විමසිය යුතු වෙනවා. ඒ නිසා කිසිවෙක්, කිසිම පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් හෝ කිසිම රටක් කාන්තාවන් සහ ළමයින් මරා දැමීම, වැසියන් ඔවුන්ගේ භූමියෙන් බලහත්කාරයෙන් නෙරපීම වැනි දේ නොකළ යුතු වෙනවා.

අප පිළිගෙන සංග්‍රහ කළාට ශ්‍රි ලංකාවට ස්තුතියි…

අපව පිළිගැනීම සහ අපට සංග්‍රහ සත්කාර කිරීම පිළිබඳව මම ශ්‍රී ලංකා ජනාධිපතිතුමාටත්, රජයටත් ස්තූතිවන්ත වෙනවා. මගේ මෙන්ම ඉරාන රජයේත් ස්තූතිය ඒ වෙනුවෙන් පිරිනමනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉරානය අතර දේශපාලන, ආර්ථික, වෙළඳ මෙන්ම සංස්කෘතික සබඳතා පුළුල් කිරීම සඳහා සීමාවක් හෝ බාධාවක් නොමැති බව මා ප්‍රකාශ කරනවා. අප දෙරට අතර දේශපාලන, ආර්ථික, වෙළඳ සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා අප දෙරටම අධිෂ්ඨානයෙන් කටයතු කළයුතු වෙනවා. එසේම අපගේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ අවශ්‍යතා අපගේ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම තුළ පවතින බව අපි තදින්ම විශ්වාස කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුදල් වංචා චෝදනා මත උපුල් ශාන්ත සන්නස්ගල අත් අඩංගුවට…

Next Post

දසුනි – චුලෝචනා… ටර්බයින් දෙකක ලියැවුන කාන්තාවන්ගේ කතාව!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.