ලෝන් ස්ටාර් ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ ගෘහස්ථ උස පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට අමෙරිකාවේ පදිංචි ශ්‍රී ලංකා මලල ක්‍රීඩක උෂාන් තිවංක සමත් විය.
ඔහු පසුගිය වසරේ ඔහු විසින්ම පිහිටුවා තිබූ මීටර් 2.26ක ශ්‍රී ලංකා වාර්තාව බිඳහෙලමින් මීටර් 2.27ක වාර්තාගත පිම්මක් ඔහු පැන තිබිණි.
මේ අතර සිංගප්පූරුවේදී අද පැවැති ජාත්‍යන්තර බර ඉසිලීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව ද රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට හැකි විය.
චතුරංග ලක්මාල් කිලෝග්‍රෑම් 67 බර පන්තියේ රන් පදක්කම දිනාගත් අතර ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් රන් පදක්කම් දිනා ගත්හ.