ඉන්දියානු සංචාරය සඳහා තරග වදින කණ්ඩායමේ නායකත්වයෙන් කුසල් ජනිත් පෙරේරා ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
කණ්ඩායම් නායකයා ලෙස බොහෝ විට දසුන් ශානක හෝ ධනංජය ද සිල්වා තේරීමට ඉඩ ඇතැයි පැවසේ.
ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ගිවිසුම්ගත වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ජෛව බුබුලට කැඳවීමක් නොකළ බැවින් ඔහුට මෙවර සංචාරය අහිමි වී ඇත.
ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ගිවිසුම්ගත නොවූ ක්‍රීඩකයන්ට නිවේනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය කියා තිබුණේ වාර්ෂික ක්‍රීඩා කොන්ත්‍රාත් ගිවිසුම මේ අවස්ථාවේ දී අත්සන් කිරීමට අවශ්‍ය නැති බවත් මේ තරගාවලිය සඳහා ගිවිසුම අත්සන් කිරීමට අද උදෑසන 8 වනතුරු කල් ලබා දෙන බවත් එසේ අත්සන් නොකරන ක්‍රීඩකයන් උදෑසනින්ම නැවතී සිටින හෝටලයෙන් පිට විය යුතු බවත්ය.
මේ නිවේදනයත් සමග ඊයේ රාත්‍රී 12 සිට එකා දෙන්නා බැගින් පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගිවිසුමට අත්සන් කර තිබේ.
එම ගිවිසුමට අත්සන් නොකළ මැතිවුස් අද සිය සමුගැනීම නිවේදනය කළේය.