අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිව්ස් සමු ගනී…

by editor
ජූලි 7, 2021
in පුවත්
Anjelo-Methiws
Share on FacebookShare on Twitter

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා මෙන්ම හිටපු ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාට ලිඛිතව දන්වා ඇතැයි වාර්තා වේ.

ඔහු අන්තර් ජාතික ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ද දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ගිවිසුමට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් 24 දෙනාගෙන් මැතිව්ස් පමණක් ගිවිසුමට අත්සන් කර නොමැත.

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකයා ලෙසත් කටයුතු කළේය.

මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන මැතිව්ස් ජාතික යොවුන් කණ්ඩායම මුල් වරට නියෝජනය කරන්නේ වයස අවුරුදු දහසයේදීය. වර්ෂ 2006 යොවුන් ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කල ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූයේ ද ඔහුය.

පාසැල් දිවියෙන් පසු 2007 – 2008 තරග වාරය තුළ අන්තර් සමාජ පිටියට ඔහු අවතීර්ණ වන්නේ කෝල්ට්ස් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසය. තම දෙවන පලමු පෙල වාරය තුළ ලකුණු 698 ක් රැස් කිරීමත් සමග ඔහුට ශ්‍රී ලංකා ඒ පිලේ ස්ථානයක් හිමි වන්නේය.

2008 වසරේ සිමිබාබිවේ කණ්ඩායමට එරෙහිව එක්දින වරම් දිනා ගන්නා මැතිව්ස් 2009 වසරේදී පකිස්ථානයට එරෙහිව පලමු වරට ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් වූයේය.

ඔහුගේ මද වේග පන්දු යැවීම සහ පන්දු රැකීම එකතු වූ විට මැතිව්ස් කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක් බවට පත් වී සිටියේය.

තරගයක පීඩනය දරා ගෙන පීඩනය යටතේ හොඳින් ක්‍රීඩා කිරීමට ඇති හැකියාව මැතිව්ස් ගේ පිතිකරණය තුළ ඇති විශේස ලක්ෂණයක් වී තිබිණි. මෙම නිසා ඔහු එක්දින තරගයක ඉනිම හමාර කිරීමට කදිම ක්‍රීඩකයෙක් වූයේය. මැතිව්ස් ජයග්‍රහණය සදහා විශාල දායකත්වයක් දැක්වූ තරගයක් ලෙස 2010 වසරේදී MCG ක්‍රීඩා පිටියේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය හැදින්වීමට හැකිය.

තරගයේ මුලින්ම පන්දුවට පහර දෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම තම ඉනිම හමාර

ලකුණු 240 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක ලකුණු 107 ට කඩුලු අටක් බිඳ වැටී සිටියේය. මාලිංග සමග නව වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 131 ක සම්බන්ධතාවයක් ගොඩ නගන මැතිව්ස් ශ්‍රී ලංකාව පන්දු වාර හතලිස් පහකදී එක් කඩුල්ලකින් තරගය ජයග්‍රහණය කරවීය. මැතිව්ස් නොදැවී ලකුණු හැත්තෑ හතක් ලබා ගත්තේය.

2013 දී ඔහු ශ්‍රී ක්‍රිකට් නායකත්වයට පත් වන්නේ ජාතික කණ්ඩායම මෙහෙය වීමේ වරමි ලද ලාබාලතම ක්‍රීඩකයා බවට පත් වෙමිනි.

2014. නායකයෙකු ලෙසත් ක්‍රීඩකයෙකු ලෙසත් මැතිව්ස් කැපී පෙනෙන දස්කම් දැක්වූයේය. ආසියානු කුසලානය ජය ගැනීම, එංගලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී ටෙස්ටි සහ එක්දින තරගාවලි ජයග්‍රහණ ලබා ගැනීම, පකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාව තුළදී ටෙස්ට් තරග 2-0 ලෙස පරාජය කිරීම කැපී පෙනුනේය.

2014 වසරේදී ටෙස්ට් ලකුණු දහසක් සම්පූර්ණ කිරීමටද මැතිව්ස්ට හැකි විය.
ඔහුගේ නායකත්වය යටතේ ලබා ගත් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරග 3-0 ලෙස පූර්ණ තරගාවලි පරාජයකට ලක් කිරීම හැඳින්විය හැකිය.

පසුව ඇති වූ ආබාධ නිසා ඔහුට තරග විශාල සංඛයාවක් අහිමි වී ගියේය. එය ඔහුගේ පුද්ගලික දක්ෂතා ස්ථාවර මටිටමක රඳවා ගැනීමට විශාල බාධාවක් විනි. කෙසේ වෙතත් විශ්‍රාම යන මොහොත වනවිට ඔහු ගත කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග මතවාදී ගැටුමක් ඇති කරගනිමිනි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඩුගන්නාවේ නගරසභා සභාපති රටින් පැන්න එල්.ටී.ටී.ඊ කාඩරයින්ගේ බිරින්දෑවන් රට පටවන මිනිස් ජාවාරමක…

Next Post

නායකත්වයේ වෙනසක්.. මැතිව්ස් හැර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලි ගිවිසුමට අත්සන් තබති.

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.