අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඩුගන්නාවේ නගරසභා සභාපති රටින් පැන්න එල්.ටී.ටී.ඊ කාඩරයින්ගේ බිරින්දෑවන් රට පටවන මිනිස් ජාවාරමක…

by editor
ජූලි 7, 2021
in පුවත්
Amila-Weragoda
Share on FacebookShare on Twitter

කඩුගන්නාව නගරසභාවේ සභාපති අමිල වේරගොඩ නගරාධිපතිවරයෙක් ලෙස පෙනී සිටිමින් තමන්ට හිමිකමක් නැති ප්‍රභූ ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කරගෙන කූඨ ලේඛන සකසා රටින් පැන සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ බිරින්දෑවරු 09ක් ජපානයට, ස්පඤ්ඤයට හා ඉන්දියාවට රැගෙන ගොස් සිදුකළ මිනිස් ජාවාරමක් පිළිබඳ ජනාධිපති විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මේ වනවිට එම සිද්ධිය සම්බන්ධව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ ගේ උපදෙස් මත මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් විශේෂ අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කඩුගන්නාව නගරසභා සභාපතිවරයා නියමිත රාජකාරි නිවාඩු අනුමත කරනොගෙන මේ විදේශ ගමන්වාර යොදා ගෙන ඇත්තේ කඩුගන්නාව නගර සභාව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත සූර්ය විදුලි ව්‍යාපෘතියක් පිළිබඳ අධ්‍යයනකට බව දන්වා සිටිමින් බව පැවසේ.

ව්‍යාජ ලෙස සකස් කළ OL7445158 දරන රාජ්‍ය තාන්ත්‍රික ගමන් බපත්‍රය යොදාගෙන මේ තැනැත්තා වර්ෂ 2019 ජනවාරි සිට පෙබරවාරි මුල් භාගයේ ජපානයේ ගත කර ඇති බවත්, මේ ගමනේ දී නාගරික ලේකම්වරිය, භාෂා පරිවර්තක හා තාක්ෂණ නිලධාරී ලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් කාන්තාවන් ජපානයට රැගෙන ගොස් ඇති බවත්, මේ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් මෙම පුද්ගලයා ලබාගෙන ඇති බවත් මේ සම්බන්ධව ඉදිරපත් වී ඇති පැමිණිල්ලේ දැක්වේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

එමෙන්ම 2020.02.18 දින සිට 2020.02.24 දක්වා කාලය තුළ මේ තැනැත්තා ස්වකීය ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය භාවිතා කරමින් ස්පාඤ්ඤයේ සංචාරය කර ඇති බවත්, එහිදී ද නගර සභා ලේකම්වරිය ලෙසත්, තාක්ෂණ නිලධාරී හා භාෂා පරිවර්තක ලෙසත් කාන්තාවන් තිදෙනෙක් කූඨ ලිපි ලේඛන සකස් කර රැගෙන ගොස් ඇති බවත් ඔවුන් එක් අයෙකුගෙන් මේ ගමන සඳහා රුපියල් ලක්ෂ 30 බැගින් ලබාගෙන ඇති බවත් පැමිණිලිකාර පාර්ශවය කියයි.

පැමිණිලි කරුවන් දන්වා සිටින්නේ ඔහු මේ ආකාරයෙන් ජපානයට ගමන් වාර දෙකක් ද, ස්පාඤ්ඤයට ගමන් වාරයක් හා ඉන්දියාවට ගමන් වාරයක් ගොස් ඇති බවය.

මේ කටයුතු සඳහා කඩුගන්නාව නගර සභාව නමින් ව්‍යාජ ලිපි ශිර්ෂයක් සකස් කර කඩුගන්නාව නගර සභාවේ දුරකථන අංකය ලෙස 0815705238 දරන දුරකථන අංකය යොදාගෙන ඇතැයි පැවසේ. නගරසභා ලේකම්වරිය ලෙස පෙනී සිටිමින් ඊට එන ඇමතුම් ලබාගන්නේ මේ තැනැත්තාගේ බිරිය බවත් පැමිණිලි කරුවෝ දන්වති.

ව්‍යාජ තොරතුරු ලබා දෙමින් මේ තැනැත්තා විසින් විදේශ ගතකළ කාන්තාවන් 09 දෙනාම තවම ලංකාවට පැමිණ නැතැයි ඔවුහු පෙන්වා දෙති.

නාගරික මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ වනවිට නගර සභාවේ ලේකම්වරියගෙන් තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව මේ පිළිබඳව තොරතුරු ඉල්ලා ඇති බවත් දැනගන්නට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙල්ටා මදිවාට පැතිරෙන ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවත් විමසිල්ලෙන්

Next Post

මැතිව්ස් සමු ගනී…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.