අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෙල්ටා මදිවාට පැතිරෙන ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවත් විමසිල්ලෙන්

by Lanka Sara Editor
ජූලි 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලොව රටවල් 30 ක පමණ ව්‍යාප්ත වී ඇති කොරෝනා වයිරසයේ ලැම්ඩා ප්‍රභේදය පිළිබඳ මෙරට සෞඛ්‍ය අංශ සිය දැඩි අවධානය යොමු කර තිබේ.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි කොවිඩ් ප්‍රභේද විකෘති මගින් සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩි කිරීමට හෝ ප්‍රතිදේහ උදාසීන කිරීමට, ප්‍රතිරෝධය වැඩි කිරීමට ඉඩ ඇති බැවින් දැනට පවතින කොවිඩ් එන්නත්වලට පවා මෙම ප්‍රභේදය ප්‍රතිරෝධී වීමේ ඉඩක් ඇති නිසා ය.

මේ පිළිබඳ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ සෞඛ්‍ය බලධාරීන් තවමත් ලැම්ඩා ප්‍රභේදය පිළිබඳ තොරතුරු එක්රැස් කරමින් සිටින බවයි.

COVID-19 පාලන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඩේලි මිරර් පුවත් වෙත පවසා ඇත්තේ ලැම්ඩා ප්‍රභේදය වෙනත් රටවල ව්‍යාප්ත වුවද මේ දක්වා නව සෞඛ්‍යාරක්ෂක උපදෙස් කිසිවක් දී නොමැති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලැම්ඩා සහ අනෙකුත් සියලුම කොවිඩ් ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු සියලු පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

වසංගත‍ය හේතුවෙන් පැනවූ සීමා කිරීම් මේ සතියේ තවදුරටත් ලිහිල් කළද දැනටමත් ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදින්නැයි සෞඛ්‍ය අංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ලැම්ඩා ප්‍රභේදය නොහොත් සී .37 ප්‍රථම වරට 2020 අගෝස්තු මාසයේදී පේරු රාජ්‍යයෙන් අනාවරණය වී ඇත.

පසුගිය මාස දෙක තුළ පේරු හි නව COVID රෝගීන්ගෙන් 82% කට හේතුවී ඇත්තේ මෙම නව ලැම්ඩා ප්‍රභේදයයි.

විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ ජුනි මැද භාගය වන විට දකුණු ඇමරිකාවේ විශේෂයෙන් ඉහළ ව්‍යාප්තියක් ඇති රටවල් 30 කට අධික සංඛ්‍යාවක මෙම ප්‍රභේදය අනාවරණය වී ඇති බවයි.

ජුනි මස මැද භාගයේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය උනන්දුවක් දැක්විය යුතු ප්‍රභේදයක් ලෙස සලකනු ලැබීය.

එය මුල් ප්‍රභේදයට වඩා සම්ප්‍රේෂණය විය හැකි ප්‍රභේදයක් බවට පවසා ඇති අතර, රටවල් ගණනාවක පැතිරීමට හේතු වී තිබේ.

මෙය න්‍යායාත්මකව වඩා දරුණු COVID තත්ත්වයක් විය හැකි හෝ දැනට පවතින ප්‍රතිකාර හා එන්නත් මග හැරීමට ඉඩ ඇති බව ද පවසා තිබේ.

මෙම අවස්ථාවෙහිදී, ඩෙල්ටා ප්‍රභේදය වැනි වෙනත් ප්‍රභේදවලට වඩා ලැම්ඩා ප්‍රභේදය වඩා මාරාන්තික විය හැකිද යන්න හෝ එන්නත් හෝ ප්‍රතිකාර වලට ප්‍රතිරෝධීද යන්න දැන ගැනීමට ඉක්මන් වැඩි බවද පවසා ඇත.

කෙසේවෙතත් ඒ පිළිබද පර්යේෂණ ගණනාවක විශේෂඥයෝ දැනටමත් නියැලෙති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න අත්අඩංගුවට

Next Post

කඩුගන්නාවේ නගරසභා සභාපති රටින් පැන්න එල්.ටී.ටී.ඊ කාඩරයින්ගේ බිරින්දෑවන් රට පටවන මිනිස් ජාවාරමක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.